Chapter 06

440 131 25
                                    


කාලය ගත වෙලා ගියේ හරිම ඉක්මනට. ටේහ්‍යුන්ග් මින් යුන්ගි කියලා ඇල්ෆා කෙනෙක්ගෙන් තෑගි බෝග පිළි අරගෙන තිබ්බා. ඉතින් ජිමින් ගොඩක් සතුටින් හිටියේ එයාගේ ආදරණීය හොඳම යාළුවාට එයාගේ ආදරේ හම්බවෙච්ච එක ගැන.

දවසක් ටේහ්‍යුන්ග් ජිමින්වයි යුන්ගිවයි දෙන්නවම ඇඳගෙන ෆුට්බෝල් මැච් එක බලන්න ගියා. ඒක ඉවර වෙනකම්ම ජිමින්ගේ ඇස් යොමු වෙලා තිබුනේ ජන්කුක් දිහාවට විතරයි. එතකොට ජිමින්ට දැනෙන්නේ නැති වෙන්න සැරින් සැරේ හොරෙන් හොරෙන් ජන්කුක් එයා දිහා බල බල හිටියේ.

මැච් එක ඉවර වෙලා ඔක්කොම ක්‍රීඩකයෝ ඇතුළට එද්දි ටේමින් ආවා ජිමින් ළඟට.

"හායි හ්‍යුන්ග් , ඔයා අද ගොඩක් හොඳට සෙල්ලම් කළා."

ජිමින් එයාට හිනාවකින් සංග්‍රහ කළා.

"තැන්ක් යූ ජිමිනා , මට ඔයාගෙන් දෙයක් අහන්න තියෙනවා"

ටේමින් ඇඟිලි පටලවා ගත්තා.

"ඒ මොකක්ද හ්‍යුන්ග් ?"

ටේහ්‍යුන්ග් එයාගේ අත ඉස්සරහට කළා. එයාගේ අතේ තිබුණේ ලස්සන මාලයක්. ජිමින් හොඳටම දැනගෙන හිටියා ඒ මොකක්ද කියලා. ටේමින් එයාගෙන් කැමැත්ත අහනවා.

ජිමින්ට පිටිපස්සේ ඉඳන් ටේහ්‍යුන්ග් හුස්ම ගන්නෙත් නැතුව බලාගෙන හිටියා. ඒත් එයා ඕන්නැති කතාවක් කියන්න කලින් යුන්ගි එයාව අහකට ඇදගෙන ගියා.

"සොරි හ්‍යුන්ග් , ඒත් මට මේක පිළිගන්න බෑ"

ජිමින් ඔළුව නවාගෙන කිව්වා.

"ජන්කුක් නිසා ද ?"

ජිමින් උත්තර දෙන්නත් කලින් ටේමින් කියාගෙන ගියා.

"කමක් නෑ , අඩුම ගානේ මං උත්සාහ කළා නේ"

එයා ජිමින්ට පාඩුවේ ඉන්න දීලා එහාට ඇවිදගෙන ගියා.

එදා රෑ ටේහ්‍යුන්ග් හදිසි සෝල්මේට් මීටින් එකකට ජිමින්ට කතා කරද්දී ජිමින් කොහෙත්ම බලාපොරොත්තු වුණේ නෑ ෆුට්බෝල් ක්ලබ් එකේ සාමාජිකයන් අතරේ රණ්ඩුවක් ගිහින් කියලා අහන්න.

"අපි හැමදාම මැච් එක බලන්න යන්නම ඕනේ ද ටේටේ ?"

ජිමින්ව ඇඳගෙන යන ටේහ්‍යුන්ග් දිහා බලාගෙන එයා නහයෙන් පිඹලා ඇහුවා.

"යුන්ගි හ්‍යුන්ග් , ඇයි ඔයා වත් මොකුත් කියන්නේ නැත්තේ ?"

එයා යුන්ගි දිහා බැලුවේ එයාව බේරගනී කියලා බලාපොරොත්තුවෙන්.

ඒත් ඒකෙන් වැඩක් වුනේ නෑ. යුන්ගි ටේහ්‍යුන්ග්ට කොච්චර ආදරේ වෙලා ද කිව්වොත් යන යන හැම තැනම එයා පස්සෙන් එන්න කැමති මොකුත් නොකියාම.

ඇත්තටම ජිමින්ගේ හිතේ ඒකට ලොකු අකැමැත්තක් තිබුණෙත් නෑ එයාට ජන්කුක් ප්ලේ කරනවා බලන්න පුළුවන් නිසා. ඒත් එයා කතා කළේ සතුට හංගගෙන.

"ජිමින් , ඔයා විශ්වාස කරන එකක් නෑ අද වෙන්න යන දේ"

ටේහ්‍යුන්ග් හලන්නේ නැතුව බීම එකක් අතේ තියාගන්න උපරිම උත්සාහ කරන ජිමින්ව හයියෙන් අදින ගමන් කිව්වා.

"යාහ්හ් කිම් ටේහ්‍යුන්ග්"

ජිමින් කන් කෙඳිරි ගෑවේ එයාගේ බීම එක වැටෙන්න ඔන්න මෙන්න වෙද්දී.

"බලන්න ජන්කුක්ගේ එහා පැත්තේ කවුද ඉන්නේ කියලා"

ජිමින් එකපාරටම කෙලින් වෙලා බලද්දී එයා දැක්කේ ජන්කුක්ව අල්ලන් හිනා වෙවී ඉන්න ලස්සන කෙල්ලෙක්. එයාගේ විකාර සුවඳ සැතපුම් ගානක් දුරට දැනෙනවා ඇති.

ජිමින්ගේ ඇතුලේ ඉන්න ඔමේගා අවදි වුණා. එයා ජන්කුක් ළඟට ඇවිදන් යන්න දෙපාරක් හිතුවේ නෑ.

අර හොල්මන් ගෑනි එයාගේ පෙරමෝන නිකුත් කරද්දී ජන්කුක් එතනම ඉන්නවා මොකුත් නොකර ? ජිමින් කියන්නේ හරි සන්සුන් දඟ නැති හුරතලක් , ඒත් එයාගේ භයානක පැත්ත හැමෝටම බලන්න පුළුවන් මේ වගේ දවස් වලට තමයි.

ජිමින් එයාගේ අත ජන්කුක්ගේ උරහිසෙන් අහකට ඇදලා ගත්තා.

"තමුන් මොනවා කරනවා කියලා ද හිතාගෙන ඉන්නේ ?"

ඒ කෙල්ල , ජියා කෑ ගැහුවේ ජිමින්ව ජන්කුක්ගේ් අහකට කරලා ජන්කුක්ට ළං වෙන්න උත්සාහ කරන ගමන්.

ඒකට ජිමින්ට කොච්චර යකා නැග්ගා ද කිව්වොත් එයා අතේ තිබුණ බීම එක ජියාගේ මූණට විසි කරලා දාලා හයියෙන් ගෙරෙව්වේ හරියට නිකන් එයාට අයිති දෙයක් ජියා බලෙන් ගත්තා වගේ. ඊටපස්සේ ජියා කෑ ගහගෙන නරක වචන ගොඩක් කිය කිය ඈතට ඇවිදගෙන ගියේ ජිමින්ව ජන්කුක් එක්ක තනි කරලා දාලා.

එදා රෑ ජන්කුක්ගේ ඇඳ උඩ රෝස මලක් තිබුණේ නෑ. එදාට පස්සේ තමයි ජිමින් ජන්කුක්ව මඟ අරින්න පටන් ගත්තේ. එයා මැච් බලන්න එන එකත් නැවැත්තුවා. එතකොට ජන්කුක්ට කලින් එයා ගෙදරිනුත් එළියට යනවා. ගෙදර හිටියොත් හැමදාම දොර වහගෙන.


                                       ***

Scent of Roses | Jikook ✓Where stories live. Discover now