Chapter 02

455 136 23
                                    


ජිමින්ට දැන් අවුරුදු හතක්. එතකොට ජන්කුක්ට අවුරුදු නවයක්.

ජිමින් ගියෙත් ජන්කුක් යන ස්කෝලෙටමයි. එයාලා එකටම ගිහින් හැමදාම ගේට්ටුව ළඟ දී වෙන වෙලා දෙපැත්තට ගියා.

ඒ දෙන්නා ලොකුවට කතා කරලා නෑ. සමහරවිට මේ අවුරුදු ගානකට දෙපාරක් තුන් පාරක් කතා කරන්න ඇති.

ජිමින් කාලයක් යද්දි පුරුදු වුණා උයන්න පිහන්න වගේම අනිත් ගෙදර දොරේ වැඩ වලට මින්ජිට උදව් වෙන්න. උයලා ඉවර වුණාම ජන්කුක්ට කන්න එන්න කියලා කතා කරන්න කියලා මින්ජි කියන්නේ ජිමින්ට. ඉතින් ජිමින් උඩ පැන පැන ගිහින් කෑම කන්න එන්න කිව්වම ජන්කුක් ඔළුව වනලා සද්ද නැතුව එයාගේ පස්සෙන් එනවා.

ඒත් මේ අවුරුදු දෙකට හැමදාමත් ජන්කුක් නිදාගන්න යද්දි ජිමින්ව ඇදලා අරගෙන තුරුල් කරගෙනයි නිදා ගන්නේ. කල් ගත වෙද්දී ජිමින්ට නපුරු හීන පේන එක නැවතුනා. ඒක ජන්කුක් නොදන්නවා නෙවෙයි. ඒ වුණාට එයාගේ පුරුද්ද අත ඇරගන්න වුවමනාවක් එයාට පෙනුනේ නෑ.

හැම රෑකම ජන්කුක් එයාගේ අත් ජිමින් වටේ යවනවා. ඊටපස්සේ එයාලා දෙන්නා තුරුල් වෙලා නිදියනවා.

ජිමින් උත්සහ කලා ස්කෝලෙ අලුතින් යාළුවෝ හදාගන්න. ඒත් කවුරුත් කැමති වුණේ නෑ එයා එක්ක කතා කරන්න.

ජිමින් ලැජ්ජාශීලී කෙනෙක් නිසා එයාගේ ක්ලාස් එකේ ඉන්න ලොකු අය හැම වෙලාවෙම කරදර කළා. දවසක් ජිමින් ග්‍රවුන්ඩ් එකේ ඇවිදගෙන යද්දී කට්ටියක් ඇවිත් එයාව තල්ලු කළාම එයා බිම ඉඳගෙනම අඬන්න පටන් ගත්තා. එතකොට කොහෙදෝ මන්දා ඉඳන් ජන්කුක් ඇවිත් ඒ ජිමින්ට කරදර කරපු නපුරු ළමයි එක්ක රණ්ඩු කරන්න පටන් ගත්තා.

"ඔයා හොඳින් ද ?"

කරුණාවන්ත කටහඬක් ඇහෙද්දි ජිමිනුයි ජන්කුකුයි දෙන්නම පිටිපස්ස හැරිලා බැලුවා.

"මං ටේහ්‍යුන්ග්"

ඒ පුංචි පිරිමි ළමයා ජිමින්ට නැගිටින්න උදව්වක් විදිහට එයාගේ අත දික් කරලා කිව්වා.

ජන්කුක් එයාලා දෙන්නාම දිහා බලලා නහයෙන් පිඹලා ඈතට ගියා.

එදයින් පස්සේ ජිමිනුයි ටේහ්‍යුන්ග්නුයි ඉන්නේ එකටමයි. කොහොමහරි එච්චර කල් ජිමින්ගේ පිටිපස්සේ ඉඳන් එයාව බලාගත්ත ජන්කුක් ඒක කරන එක නැවැත්තුවා. ජිමින්ට ඒක තේරුනත් එයා කවදාවත් ජන්කුක්ව ප්‍රශ්න කරන්න ගියේ නෑ.

                                      ***

Scent of Roses | Jikook ✓Donde viven las historias. Descúbrelo ahora