පිටව යෑම

46 8 27
                                    

සමනලුන් ඉඟිල යන හැටි සේම අහසේ වළාකුළු මොබ සරන හැටි රළු පොළොවෙන් මතු වුණු මතසිලිටු මලක් බලා සිටියා.

උස් වූ මුදුන තිමිර සේලයකින් වැසුණු, තුරු පුරා පිණි බිඳු දවටා මදක් මෝදුවන හිරු රශ්මියෙන් දේදුණු සෑදුණු දුටුවන් නෙත පහන් සිතුවිලි වලින් ප්‍රබෝධමත් කරන ශිඛරයක් පාමුලට ඔවුන් උදෑසන වන විට පැමිණ සිටියා.

පෙරදින...

කිම් චන්:ඔවුන් එය දැන ගෙනද?

සේවිකාව:එහෙමයි කුමරුනි.ඔවුන් කුමක් හෝ සැලසුමකට අර අදින බවක් පෙනෙන්නට තිබෙනවා. සෙම්පති සෝහා බොහෝ වෙලා අග රැජිණගේ මාළිඟයේ රැදී සිට පිටතට පැමිණියේ.

කිම් චන්:ඔබට ස්තූතියි. මෙය අරගන්න.

සේවිකාව:ඔබට ස්තූතියි කුමරුනි.

සේවිකාව පිටව ගිය පසු ඔහු කළු පැහැ ඇඳුමකින් සැරසී, අසිපතද ගෙන, එවැනිම ඇඳුමක් රැගෙන දොං ජී සිටින කුටිය වෙත ගියේ ඔහුගේ මාළිඟයත්, එම කුටියත් අතර ඇති පිවිසුමෙන්. ඇය එම දොරටුව ගැන නොදැන සිටියා.

දොං ජී:ඈ.. ඔබ ඔබ කිමද රාත්‍රියේ කාන්තාවන්ගේ කුටි තුළට පිවිසෙන්නේ.

කිම් චන්:ඔබ හා වාද කිරීමට අවස්ථාව නොවෙයි. කඩිනමින් මෙයින් සැරසෙන. අපි මෙහින් දැන්ම පිටව යා යුතුයි.

ඇයට වැටහුණා ඔහු පවසන ලෙසින් කුමන හෝ අනතුරක සේයාවක් වග. ඇය ගොස් කඩිනමින් සැරසුනා.

කිම් චන්:සියල්ල හරි නේද? පිටව යමු.

ඔහු ඇගේ අතින් අල්ලා පිටුපස දොරෙන් පිටව යෑමට සැරසුනත් ඇය මදක් නැවතී මෙසේ ඇසුවා.

දොං ජී:අපි කොහෙටද පිටව යන්නේ?

ඔහු ඇගේ අතින් ඇද තමා වෙත ලං කර ගෙන නළල මතින් මෘදු කොපුල් තැබුවේ ඔහුගේ ගතෙහි දැනෙන උණුසුමෙන් ඇගේ ආරක්ෂාව තහවුරු කරන බව පවසන ඉඟි හඟවමින්. ඇය එයින් තිගැස්මට පත් වුණා.

කිම් චන්:ඔබව සැඟවිය හැකි මෙලොව ආරක්ෂිත තැනට. මාව විශ්වාස කරන්න.

සංයමයකින් යුතුව ඇගේ දෙනෙත් දෙස බලා ඔහු ඇගේ උරහිස් දෙකට දෙ අත් බර කරේ විශ්වාස කරන්න යැයි ඇයට හඟවමින්. ඒ දිස්නය දෙන දෙනෙත් වල ඇති ස්නෙහය වටහා නොගත්තෙකු සේ ඇයට සිටීමට සිදුවුවත් ඒ දෙනෙත් හැමදාම තමා වෙත පමණක් බලා සිටිනවාට ඇය ප්‍රිය වුණා. මදක් ඒ දෙනෙත් දෙස බලා උන් ඇය එයට එකඟ වෙන්නාක් සේ හිස උඩට පල්ලෙහාට වැනුවා.

A Bunch of Emotions that Hide a SnowflakeWhere stories live. Discover now