🥀 01 Chapter 🥀

683 130 64
                                    


Xiao zhan pov,

තාමත් එයාගෙ සුවද රැදිලා තිබුන ඒ කාමරේ පුරා ඇවිදන් ගියපු මම නතර උනේ ගාඩ්න් එකේ පැත්තක්ම පේන එයාගෙ කාමරේ ජනේලෙ උඩට.

මම තාමත් දන්නෙ නැ මේ ගෙවුනු අවුරුදු තුනක් පුරාවටම එයා මට අකමැති ඇයි කියලා. තවත් මාසෙකින් අපි විවාහ වෙලා අවුරුදු හතරක් වුනත් මම හිතන්නෙ නැ මේ පාරවත් එයාට අපේ සංවත්සරේ සමරන්න ඔනි වෙයි කියලා.

හැමදාමත් වගෙ එයා අදත් උදෙන්ම වැඩට ගිහින් තිබුනා වගෙම මම දන්නවා එයා ආයෙම එන්නෙ පාන්දර කියන්න . එ කරලා ආයෙම එයා මාව දකින්නත් කලින් යන්න යාවි..

ඔයාට මාව ඒ තරම්ම පිලිකුල්ද? ඔයා මට ඒ තරම්ම වෛර කරනවද යීබෝ?

හීන් සැරේ හිරි පොදක් ලාවට ජනේල් කවුළුවලට වැටෙනකොට මම වීදුරුවට අත තිබ්බා.. මට මතක් වුනා යෝජිත විවාහක් වුනු අපේ විවාහෙ ස්ථිර කර ගන්න එයාගෙ දෙමාපියො අපෙ ගෙදර ආව දවස.

එදා එයා නාවත් යීබොගෙ පපා ගෙනත් තිබුන එයාගෙ පොටෝ එක දකිනකොටම මම එයාට හදවතින්ම බැදුනා. මගේ ආදරෙ පලවෙනි දැක්මෙන් ඇති වුනු ආදරයක් උනා. හැබැයි මම විතරයි. මමම විතරයි එයා එක්ක ආදරෙන් බැදුනෙ.

මට මතකයි එයා මගෙ අතිනත ගත්ත මොහොත . අල්තාරය උඩ එයාගෙ වගෙම මගේ නෑදෑයෝ මැද්දෙ එයා මාව එයාගෙම කරගෙන ශාන් වැන්ග් කියන නම දෙනකොට එදා මන් සතුටු උනා එයා වගෙ කෙනෙක්ව මට ලැබුනු එකට .එදා තමා මම එයාගෙ කටහඩ ඇහුවෙ.

" තෝ නිසා මගෙ මුළු ජීවිතේම ව්නාස උනා . මාව කන්න ආව කාලකන්නියා.."

මම හිටියෙ සතුටින්. හැබැයි අපේම කියන එයාගෙ ගෙදරට ඇවිදින් ඒ වචන ටික අහනකන් විතරයි. එදායින් පස්සෙ මගෙ මූනෙ හිනාවක් ඇදුනෙ නැ.

බීජිං යුනිවර්සිටි එකේ මහාචාර්යවරයෙක් වුනු මම එයා නිසාම මගේ අවුරුදු ගානක මහන්සියෙන් ලැබුන රැකියාව අතාරිනකොට මට එයාගෙන් ලැබුනෙ එ වගෙ ප්‍රතිචාරයක්. එ මන් හීනෙන්වත් බලාපොරොත්තු වුනු දෙ නෙමෙ. ඒත් මම ඉවසුවා. මම හිතුවා කාලයක් යනකොට එයා මට කැමති වේවි කියලා.

Rooted Red Rose (Yizhan- one shot)Where stories live. Discover now