පලමු පිටුව

31 11 2
                                    

2029.01.17_

සුදුපාට රෙද්දෙ රෝස පාටින් මල් රටා වැටුන දිග ගවුමක් ඇදලා කොන්ඩෙ දිගට කඩා දාලා විහිදුනු අතු තියෙන පරණ නුග ගහක් යට බංකුවක කෙල්ලෙක් තනි වෙලා. ඒත් එයා තනියමමද?

ඒ කෙල්ලගෙ අතේ ලා රෝසපාටින් දිලිසෙන ඩයරියක් කියන්න පුලුවන් පුංචි පොතක්.

පිටුවෙන් පිටුව පෙරලන ගමන් ඒ කෙල්ලගෙ ඇස් වලින් ගලන හැඟීම් මුසු උන උනුසුම් දියරයක් ඒ එක එක පිටුව තෙත් කලේ හරිම දුක්බර විදියට. ඒත් හේතුව මොකක්ද?

එන්න අපි ඒ ඩයරියට එබිලා බලමු.




2028.01.17

Hi my little diary

ඒ වගේම Hi my little kitten
අන්තිමට ඔයා ඇවිත් නේද... ඒකනෙ මේක කියවන්නෙ..

ඔයාට කොහොමද ඉතින් මගේ පිස්සු කෝලම? පොඩ්ඩක් ඉන්න ඔයා මේක දකිනවා කියන්නෙ අද මගේ 23 වෙනි උපන්දිනේ නේද... ඔක්කෝටම ඉස්සෙල්ලා මට සුභ පතලා ඉන්නවා....! මොකද ඔයා හැමදාම ඒක අමතක කලා... ආහ් ඒක නෙමේ.. ඔයා අනිවාරෙන්ම ඔය ඉන්නවා ඇත්තෙ අපි අන්තිමට අවුරුදු දහයකට කලින් හම්බුන ඒ ලස්සන නුග ගහ යට නේද... ඉතින් එයා හොදින්ද? මන් ඇහුවෙ අපි දෙන්නා දෙන්න පුලුවන් ඔක්කොම දසවද ටික දුන්න නුග ගහ, එයා හොදින් නේද? දන්නවද ගෙවුනු අවුරුදු ගානටම එයා තමයි මගෙ තනි මැකුවෙ.. ඔයා වෙනුවෙන්... ඔයාට කියන්න කතා ගොඩක් තියෙනවා.. හිමීට කියන්නම් හොදේ. මොකද මට ඔයා වගේ එකදිගට කියවන්න බෑනෙ ඒකයි.....

මුලින්ම කියන්න ඕන මට සමාවෙන්න ඔයා එනකම් ඉන්න බැරි උනාට. මම දන්නවා ඔයා මේක කියවනවා කියන්නෙ මට ඔයා එනකම් ඉන්න බැරි උනා කියන එකයි.

දන්නවද මම ඒක දැනගත්තෙ හරියටම සතියකට කලින්. මම ගොඩක් උත්සහ කරා ඔයා එනකම් ම මේ දුර්වල හදවතේ ගැස්ම තියාගන්න. ඒත් සමාවෙන්න මට ඒක කරන්න බැරි උනා. ඒ නිසයි ඔයා අද මේක කියවන්නෙ.. එයාලා කියන විදියට දැනටමත් මම ගොඩක් පරක්කුයිලු. මොනවා කරන්නද ඉතින් මගේ ලැබීම තමයි.

ඒත් මට සතුටුයි. ඇයි දන්නවද මට යද්දි අරන් යන්න කන්දක් තරම් මතක ගොඩක් තියෙනවා. ඉතින් මට එහෙදි පාලුවක් දැනෙන එකක් නෑ. එහෙම නේද?

ආහ් තව දෙයක් මං අද අපේ නුග ගහ ලඟට ආවා. මම මේක ලියන්නෙ එතන ඉදලා. එතනට ආවම අපේ මතක ගොඩක් මතක් වෙනවා. සතුටින් හිටිය අපේ පුංචි කාලේ මතක ගොඩාක් මතක් උනා අද... ඒත් මට තාමත් කියන්න තියෙන්නෙ I Miss You මිනූ...

ඒ වගේම මට කිසිම දවසක ඔයා වගේ සහෝදරියක් ලැබෙන්නෙ නැති වේවි.

අදට නවතින්නම් ඒනම්. මට මහන්සි...
ආදරෙයි හැමදාටම My Little Kitten...

.
.
.
.
.
.
.
.
.
.
.
.
.comment එකකුත් දාන් යන්න කතාව ගැන..

Kawee...❤️

මග බලන දින පොත ✅✅Where stories live. Discover now