අවසන් පිටුව

22 10 0
                                    

2029.01.17_

බොද උන ඇස් වලින් අකුරක් නෑර කියව කියව පිටුවෙන් පිටුව ඩයරිය පෙරලුවත් එතනින් එහාට කවුරුවත් ඒ පිටු සම්පුර්ණ කරලා නෑ කියලා දකිද්දි වැටෙන කදුලු පිහිදගෙන වේගෙන් පිටු පෙරලුවා. ඒත් එතනින් එහාට තිබුන හැම පිටුවම නිකන්ම නිකන් හිස් පිටු ගොඩක් උනා.

හරි අවසානයක් නැතිව අතරමග නතර උන ජීවිත කතා පොතක ඒ හිත අතරමං වෙලා. ඒත් ආයෙම වතාවක් පිටු පෙරලද්දි ඒ ඇස් වලට හම්බුනේ අන්තිම පිටුවෙ ලියලා තිබුන

අපි අන්තිමට මුණ ගැහිලා අපේ මතක පරිස්සම් කරපු තැන බලන්න

කියන වාක්‍යයි.

එතනම ඉදගත්ත මිනූ මතක් කලේ අවුරුදු දහයකට කලින් කරපු දේවල් ගැනයි.

''නුග ගහේ මුල යට....!''

තමන්ටම කියාගත්ත මිනූ කලබලේකින් ඉන්න තැනින් නැගිටලා ඒ මහා රූස්ස නුග ගහේ තිබුනු ලොකු මුලක් ලඟ යට පස් ටිකක් හෑරුවා.

ඒත් ටිකකින් ආයෙම ඇස් වලට කදුලු පුරවගත්තෙ එයාගෙ අනුමානෙ හරි නිසා.
එක අතක් තරම් පොඩි පේට්ටියක් ඒ පස් අතරින් එලියට ගත්ත මිනූ ඇස් වලින් ගලන කදුලු පිහිද පිහිදම ඒ තමන්ගෙ මාලෙ අතට අරන් ඒකෙ තිබ්බ යතුරක් වගේ පෙන්ඩන් එකෙන් ඒ පෙට්ටිය ඇරියා.

ඒක ඇතුලින් හතරට පහට නවලා තිබ්බ කොලයක් අතට ගත්ත මිනූ හෙමීට ඒක දිග ඇරියා.

2028.03.28_

'ආදරණීය මිනූ..

මේ මම මගේ ජීවිතේ කෙනෙක් වෙනුවෙන් ලියන, ඒ වගේම ඔයාට ලියන අන්තිම ලියුම. මට තව ඉතුරු පොඩි කාලයක් විතරයි. මේක මම ලියනකොටත් මගේ ඇඟ පුරාම බට ගහලයි තියෙන්නෙ අත හොලවන්න අමාරුයි රිදෙනවා ගොඩක්. ඉතින් මට කියන්න ඕන මන් වෙනුවෙන් හැමවෙලාවෙම ඉදිරිපත් උනාට... මගේ ලඟින් ඉදන් මාව තේරුම් ගත්තට.. මගේ ජීවිතේට ලස්සනක් ගෙනාවට ඔයාට බොහොම පිං. ඔයාට මන් උන පොරොන්දු දෙක තුනක්ම මගේ අතින් බිදෙන්න ඇති මේ සුලු කාලෙ ඇතුලෙ. ඒ හැමදේටම මට සමාව දෙන්න. ඒ වගේම ඔයා එනකම් මග බලන් නොඉඳ යන එකටත් මට සමා වෙන්න. මගේ ජීවිතේට සැනසීම ගෙනාව ඔයාට මම මේ දෙන්නෙ ලොකු දුකක් බව මම දන්නවා උනත් සමා වෙන්න ඒ දේටත්. ඒ මොන දේ උනත් ඔයයි හැමදාම මගේ හිතේ මුලින්ම හිටියේ. යාලුවෙක්ට එහා ගිය සහෝදරියක් උන ඔයාගේ ජීවීතේට මුලු හදවතින්ම මම සුභ පතනවා මිනූ..

මග බලන දින පොත ✅✅Where stories live. Discover now