#8ᵗʰ view

117 17 31
                                    

"ෆූ..... ඇති යන්තං...... කොහෙන් හරි රින්ගලා ඇතුළට පනින්න ඕනේ"

ජන්කුක් එහෙම කියලා එතනම වැටක් අයිනෙන් බංගලාව තියෙන වත්තට පැන්නා.




"ආහ් හරි. දැන් බලමුකෝ..... මොකද්ද මේකේ රහස කියලා......."

ජන්කුක් බංගලාව ගාවට ඇවිදගෙන ගියා උනත් සේරම දොර ජනෙල් වහලා තිබුනු නිසා ඇතුළු වෙන්න තැනක් හොයාගෙන ඒ වටේම කැරකෙන්න ගත්තා. බංගලාව පිටිපස්සට වෙන්න තිබ්බ පොඩි ජනේලයක් ඇරිලා තියෙනවා ජන්කුක් අහම්බෙන් වගේ දැක්ක නිසා එයා ඒ පැත්තට දුවගෙන ගියා.




"හ්ම්ම්.... මේ තියෙන්නේ.....මේකෙන් ඇතුළට යන්න පුලුවන් වෙයි."

ජන්කුක් අමාරුවෙන් නැගලා කොහොමහරි ඇතුළට පැනගත්තා. මහ දවාලේ උනත් ඒ බංගලාව ඇතුළේ ගොඩාක් කළුවරයි වගේම මූසල පාටක් තිබ්බා. ජන්කුක් සාක්කු අත පත ගාලා ෆෝන් එක හොයාගෙන ඒකේ ටෝච් එක ඔන් කරගෙන වටේම පරික්ශා කරගෙන හිමීට අඩිය තිය තිය ඉස්සරහට ගියා.



මකුළු දැල් වලින් දූවිලි වලින් වැහිලා තිබ්බා උනත් ඒ දැව වට තිබ්බ කැටයම්, බිත්තිවල එල්ලලා තියෙන පරණ චිත්‍ර, ඒ වගේම විසිතුරු පෝසිලේන් බඳුන්වල තිබ්බ වටිනාකම නම් පොඩ්ඩක්වත් අඩු වෙලා තිබ්බේ නෑ.





"මං හිතන්නේ..... මේ කෑල්ල අත ඇරලා දාලා ඉස්සරහා කොටස විතරක් වෙන්නැති රෙස්ට් හවුස් එකක් විදිහට යූස් කරේ. මේ තියෙන දූවිල්ලේ හැටියට අවුරුදු ගාණකින් මෙතනට මොකෙක්වත් ආපු පාටක් නෑ.... කැහැ...කැහැ....."

ජන්කුක් අතින් මකුළු දැල් එහා මෙහා කරමින් හිමීට හිමීට ගිහින් දකුණු අත පැත්තට තිබ්බ කොරිඩෝ එකකට හැරුනා.


ඒ කොරිඩෝ එකේ ටිකක් දුර යද්දී වහලා තිබ්බ කාමර දෙකක් තියෙනවා ජන්කුක් දැක්කා. එයා ඒ එක දොරක බෝලෙට අත තියලා කරකවලා බැලුවත් ඒක ලොක් කරලා සෑහෙන්න කාලයක් ගිහින් කියලා දැක්කේ එතනම පහළ වැටිලා එකතු වෙලා තිබ්බ ලී කුඩු ගොඩ දැකලා.

The Last View  ||JJK|| [Completed]Where stories live. Discover now