"මේකේ තියෙන්නෙත් හ්යොන්ග්..... හ්යොන්ග්ට අර හරාබොජි කිව්ව දේවල් විතරයි නේ..... හ්යොන්ග් මෙහෙම කරමු. අපිත් දැන් මේකට එන්ටර් වෙලා තියෙන එකේ අපිටත් හ්යොන්ග්ට උදව් කරන්න දෙන්න. අපි හොයාගත්ත දේවලුත් හ්යොන්ග්ට වාසි වෙයි සමහරවිට."
ජන්කුක් එහෙම කියලා ජින් දිහා බලද්දී ජින් ජන්කුක් දිහාම බලාගෙන මොහොතක් හිටියා. එයා හිතුවා මේ වැඩේට එයාලව ගාව ගන්න එක ඉස්සරහට පසුතැවිලි වෙන්න වෙයිද කියලා. මොකද කිව්වොත් මොකක්හරි දෙයක් උනොත් එයාලගෙම මල්ලිලාගෙ ජීවිතේ අනතුරේ.
"අයියෝ හ්යොන්ග්...... හිතන්න දෙයක් නෑ..... ඔයා එපා කිව්වත් මං නං එනවා. පොඩ්ඩක් ඉන්න මං ගාව තියෙන විස්තර ටික මං පෙන්නන්නම්."
ජන්කුක් එතනින් නැගිටලා උඩට දුවගෙන ගියේ එයාගේ විස්තර තියෙන පොත් ටික අරගෙන එන්න. ඒ අතරේ ජිමින් නැගිටලා ගිහින් ජින්ට ජූස් එකක් හදාගෙන ඇවිත් අතට දුන්නා.
"කුමාවෝ ජිමිනා. මට සෑහෙන්න බයයි මේකව මේකට එක්කගෙන යන්න...... නාහෙට අහන්නෑ නේ. පස්සේ පසුතැවිලි වෙන්න වෙයි කියලා මට බය හිතෙනවා.හුම්ම්......"
ජින් ලොකු හුස්මකුත් හෙළලා එහෙම කියද්දී ජිමින් ජින් ගේ පාමුල දණ ගහගෙන එයාගෙ අත් දෙක ජින් ගේ කකුල් දෙක උඩින් තියාගත්තා.
"හ්යොන්ග්...... දැන් හ්යොන්ග් කිව්වත් නැතත් එයා එනවා ඔයා එක්ක යන්න. එහෙදිත් මාත් එක්ක රණ්ඩු කරලා ආවේ. තනියම යන්න හදද්දී තමා මාත් ආවේ. හ්යොන්ග් බය වෙන්න එපා. මං එයාව බලාගන්නම් එහෙදී. එයාට මොකුත් වෙන්න දෙන්නෑ මං."
ජිමින් එහෙම කියද්දී ජින් ආදරෙන් ජිමින්ගේ ඔලුව අත ගෑවා.
"කුකී විතරක් නෙමෙයි ඔයාලා දෙන්නම මට ඕනේ තේරුණාද? ඔයාලා දෙන්නම මගේ."
YOU ARE READING
The Last View ||JJK|| [Completed]
Horror" හ්යොන්ග්, බය වෙන්න එපා හ්යොන්ග් මං ඉක්මනටම හ්යොන්ග්ව හොයාගන්නවා. අනිත් අය මොනා කිව්වත් මං දන්නවා හ්යොන්ග් ඉන්නවා කියලා" " අනී හ්යොන්ග් ඉන්න්වා. මට ඒක විශ්වාසයි" *************************************** " අවසන් දර්ශනයඔබම වනු ඇත " THE LAST VI...