04 🌷🤍

131 41 16
                                    

අයිවි කදුලු පිරුන ඇස් වලින් එහෙම අහනකොට මගෙ ඇස් වලටත් කදුලු ආවේ මටත් නොදැනෙන්න.පිටි පස්සෙන් පිටි පස්සටම ගිහින් බිත්තියට හේත්තු උනු එයාගේ උරහිස් වලින් මම තද කරලා අල්ල ගත්තා.....

"කවුද මේවා කලේ....."

මවා ගත්තු මගෙ සුපුරුදු නපුරු පෙනුම දාලා මම අයිවි ගෙන් ඇහුවා.....

""මම එයාලගේ නම් දන්නෙ නෑ.....""

"කෝ අත පෙන්නන්න"

""ආව්....ඒක ගොඩක් හිදෙනවා....මම ගෙදර ගිහින් බෙහෙත් දාගන්නම්.....""

"මෙහෙට දෙනවා අත"

ෂර්ට් එකේ අත හිමිහිට උඩට කරලා ක්ලාස් එකේ තිබුනු බෙහෙත් වලින් මම ඒකට බෙහෙත් දැම්මා...ගොඩක් රිදෙනවා කියපු නිසා පරිස්සමට හිමින් කටින් පිබින ගමන් තුවාලය පිහදැම්මෙ අයිවි ගැස්සෙන හැම වතාවකම මගෙ හිතත් ගැස්සිලා යනකොට.හරියට එයාගේ වේදනාව මටත් දැනුනා වගේ.එයාගේ අතට බෙහෙත් දාලා බෑග් එකට අනිත් පොත් ටිකත් දාලා මමම ඒ බෑග් එක අතට ගත්තේ අයිවිට අමාරු නිසා.

""මට ඒක ගන්න පුලුවන්....""

"කට වහගෙන එනවා යන්න...."

මම මගෙ බෑග් එකයි එයාගෙ බෑග් එකයි අරගෙන ක්ලාස් එකේ දොර ලගට ඇවිත් ආපහු හැරුනේ අයිවි නැවතිලා බලාගෙන හිටපු නිසා....

""හාරූ......""

අයිවි දුවගෙන ඇවිත් මගෙ බෙල්ල වටේට එයාගේ අත් යවලා මාව හග් කලා.මට දැනුනේ කරන්ට් වදිනවා වගේ හැගීමක් මගේ උරහිසින් මගෙ බෑග් එක බිමට වැටෙනවවත් මට නොදැනුනේ ඒ තරමට මම හිටියේ කියා ගන්න නොතේරෙන හැගීමක.

""මම හිතුවා ඔයා එයි කියලා හාරූ....එයාලා....එයාලා මගේ පැත්තට ඒ කැඩුනු පුටුව විසික් කලේ මම කුණුගොඩක් කියලා කියනකොට....මම බලාගෙන හිටියා ඔයා එනකම්.....එතන හය දෙනෙක් විතර හිටියා හාරූ......එයාලා ගොඩක් නරක ලමයි......""

අයිවි මාව හග් කරගෙනම කියවගෙන කියවගෙන ගියා....මට ආවේ කියා ගන්න බැරි තරමේ කේන්තියක් උනත්,ප්‍රශ්න වල පැටලෙන්න ඕන කමක් තිබුනේ නෑ මට....

"අපි යමුද....දැන් ඒවා වෙලා ඉවරනේ....."

මම දන්නෙ නෑ මම අයිවිට නපුරු වැඩීද කියන්න.ඇත්තටම මට තේරෙන්නෙ නෑ මම එයාට මොනවද කියන්න ඕනේ කියලා.මම අයිවි ගේ එක අතකින් අල්ලගෙන පරිස්සමට ගේට් එක පේන සෙව්වට විතරක් ආවේ ගේට් එක ලග මගේ යාලුවෝ ඉන්නවා කිව්ව නිසා.

Wԋιƚҽ Hҽαɾƚ 🤍 [GL] ||Completed ✓✓Where stories live. Discover now