"කොහේ මතක් වෙන්නද.....ඩේසි මල මගෙ තාර්කික බුද්ධිය ඇවිස්සුවනෙ එතන"
ආශ්.....වස ලැජ්ජාව ඒක නම්.......අයිවි ගේ ලෝකේ හිර වෙලා හිටපු මට ඒ ලෝකෙන් එලියට එන්න උවමනාවක් නොතිබුන තරම්....ආපහුත් කෑ ගහපු ෆෝන් එක මම අතට ගත්තෙ එ මැසේජ් එක අයිවි ගෙන් උනානම් කියලා හිත කියනකොට.
"මොකා......."
"සොහියා...."
සෝහී මැසේජ් 148ක් දාලා.... මේ කෙල්ලට මාව මෙච්චර මතක් වෙනවද..... සමහර විට සෝහිත් මට ක්‍රශ් නම්.... ආආ..... නසරානි හිත.... එයාගෙ චැට් එකට ගියපු මම රතු පාට හදවතක් දැම්මේ දැන් නම් කෙල්ල මාව චැට් එකේම උයාගෙන කයි කියලා හිතට දැනුනු නිසා....
❤️
මිස් යූ සෝහි....අනේ නිකං ඉන්නවා.... 🤬
🌚කෝ බලන්න මූණ
😠😡
😏කේන්ති ගිහාමත් ඔයා ලස්සනයි අනේ
මොකද මෙච්චර කෝල් මැසේජ් දාලත් රිප්ලයි නැත්තෙ🤬ආ.... මම කිව්වේ මට අසනීපයි වගේ කියලා ඉතින් නින්ද ගියා ලමයෝ😪🤕
තමුසෙගෙ බොරු.... 😒මට රිප්ලයි එකක් දාන්න බැරි තරම් තියන අසනීපෙ මොකක් ද.... 🤬ඕන්නෑ රිප්ලයි මට 😒🥲තරහා ගිහින් නේ මේ කෙල්ලට
සෝහී............
හේයී.....
ඉතින් මේ අහන්න.....
මට නින්ද ගියා අනේ....
ඔයා හරි නරකයි මට කොහොමද කියලවත් ඇහුවෙ නෑ😒....සෝහී ව යාලු කර ගන්න මට පැයක් විතර ගියා. විඩෙන් විඩ අයිවී මගෙ මතකයට ආවේ ඒ අමතක කරන්න බැරි කෙනෙක් කියලා මගෙ හිතේ තදින් මුල් බහිද්දි. මේ හැමදේම නොවිය යුතු විදිහට වෙනවා කියලා දැනෙද්දි මම හිතා ගත්තු විදිහටම සෝහී මගෙ ක්‍රශ් එක කියලා එයාට කියන්න හිතා ගත්තා.
සෝහී යා....දැන් යාලුයි නේද අනේ😏
ආපහු මොනවා උනත් මගෙ මැසේජ් වලට කෝල්ස් වලට රියැක්ට් ඕනේ.... එච්චරයි 🤬🤨
හයෝ හරි හරි ලමයෝ ඉතින්....🥲😌
හුම්.....😒
YOU ARE READING
Wԋιƚҽ Hҽαɾƚ 🤍 [GL] ||Completed ✓✓
Short Storyමලක් අයිති බඹරෙකුටම මිසක් තවත් මලකට නෙමෙයි හාරූ....