Sa Ra pov.
" මට කොෆි එකක්.. "
" මට බ්ලැක් ටී එකක්.."
" මට ඇමරිකානෝ එකක්.. පහළ දකුණු පැත්තේ කැෆේ එකේ තියෙනවා හොදේ.. "
" මට ලෙමන් ජූස් එකක් ගේන්න... "
දේ.. මං ඉක්මනට ගේන්නම්.. කියන ගමන් මං පහළට පඩිපෙළෙන් ආවේ ලිෆ්ට් එක හිර වෙලා නිසා..
ඉක්මන් කරලා එයාලට ඕනි හැම දෙයක් ම අරන් ලිෆ්ට් එකට ආවේ විනාඩි දහයක් ඇතුළත.. හැමෝම ළගට ගිහින් එයාලගෙ බීම එක දීලා එයාලගෙ මෙසේ වල තිබුණ වගෙ බිම තිබුණ හැම කොළ , කෑම කුඩු වගේ විසි කරන හැම දෙයක් ම එකතු කරගෙන මං ඩස්බින් එක ළගට ආවේ ඒවා වෙන කරලා ඇතුළට දාන්න..
මම ස රා.. පාර්ක් ස රා.. වයස අවුරුදු තිස් දෙකයි.. මං Park Co - operation එකේ සුළු සේවකයෙක්.. මට කරන්න තියෙන්නේ මෙහෙ තියෙන බඩු , කුණු අස් පස් කරන එක වගේ ම මේක පිරිසිදු කරන එක.. ඇත්තට ම අතීතේ එහෙම දෙයක් නොවුණා නම් මං අද මේ වගේ තැනක නෑ... ඒත් මේක මගෙ දෛවය කියලා හිතලා මං හිත හදාගෙන ඉන්නේ කොහොම හරි මගෙ ඉලක්කෙට යන්න ඕනි නිසා...
මගෙ මල්ලිලා.. ඔව් මට එයාලා හොයා ගන්න ඕනි එයාලා මොනා කරනව ද කොහෙද ඉන්නේ.. ඊමො එයාලව කොහෙට ද ගිහින් දැම්මේ.. මට ඒ හැම දෙයක් ම තාමත් ප්රශ්නයක් විතරක් වෙලා තියෙන්නේ ඊමෝ සම්චොන් එක්ක මේ රටින් ගිය නිසා.. ඒත් දවසක මට එයාලව හොයා ගන්න පුලුවන් වෙයි කියලා මං හිතනවා..
සා රා... Mr. Park ගේ කැබින් එක අස් කරන්න ඔයාට තමා යන්න වෙන්නේ.. අද අනිත් අජුම්මා ඇවිත් නෑ..
ආහ්.. දේ.. මං කරන්නම්.. 😊
හ්ම්.. පරිස්සමෙන් හොදේ.. දන්නව නේ අද අර කුකුල් කේන්තිකාරයත් ඉන්නවා..
දේ.. මං එයා ළගට නොයා වැඩ ටික කරලා එන්නම්.. කියන ගමන් මං ලිෆ්ට් එකට නැග්ගේ අද දවසෙ මගෙ ඊළග වැඩේට යන්න..
මං යද්දි Mr. Park වගේ ම එයා මහ නපුරු නම්දොංසෙනුත් ඉදියා.. Mr. Park නම් හරි හොදයි.. එයා මට සලකන්නේ එයාගෙ නූනා වගේ.. ඒ වුණත් අර මනුස්සය නම් මහ එපා කරපු කෙනෙක්.. වැඩ කරන අයට කිසි ම ගරු කිරිල්ලක් නෑ... 😒