6 🍭

628 140 26
                                    

නිදාගෙන ඉන්න වෙලේ හොබාගෙන් ලැබුන කෝල් එක නිසා තමන්ගෙ රාජකීය නින්ද කඩාකප්පල් උන එක දරාගන්න බැරි උන යුන්ගි තරහෙන් පුපුර පුපුරම බ්ලූමූන් එකට එන්න පිටත් උනේ ජිමින්ගෙ නෑදෑ හතර වරිගයම මතක් කර කර පින් දිදි. යුන්ගි එතනට එන කොටත් සෑහෙන්න රෑවෙලා තිබුණත් බ්ලූමූන් එකේ හිටපු අයටනම් ඒක ලොකුවට වගක් වෙලා තිබුනෙ නෑ. සිකුරුටිට විස්තරෙ කියලා අමාරුවෙන් ඇතුලට රිංග ගත්ත යුන්ගි ඇගේ එල්ලෙන කෙල්ලොන්ගෙන් බේරි බේරි ඇතුලට ඇවිදන් ගියෙ එයාගෙ ඇස් වලට ජිමින්ව අහුවෙනකන්.

කොනකට වෙන්න තිබුන සෝෆා එකක බෝතලේකුත් බදාගෙන නිදාගෙන ඉන්න ජිමින්ව දැකපු යුන්ගිට එයාව තරහටම රත් වේගෙන එනවා වගේ දැනුනා. කවුද ඉතින් කැමති තමන්ගෙ සැප නින්දෙන් නැගිටලා බීලා පොලේ ගැහිලා ඉන්න තාරාවෙක්ව උස්සන්න එන්න. ජිමින්ගෙ ලගට ගියපු යුන්ගි ජිමින්ගෙ ලගට ගිහිල්ලා ජිමින් තුරුලු කරන් හිටපු බෝතලේ අතින් ගන්න හදද්දිම යුන්ගිගෙ වසවර්ති තාරා පැටියා ඇහැරුනා.

"ආහ්හ්හ් මගෙ යුන්ගිව අදින්නෙ ඇයි ඔයා....හික්....එයා මගෙ...දෙන්න කිව්වෙ මෙහෙට...හික්.....අතෑරපම් කිව්වම..............මගෙ යුන්ගියා සැරයි හරිද......හික්...."

"ජිමින් ජිමින් ඇහැරෙන්න ගෙදර යන්න ඕනෙ."

"ආශ් යුන්ගියා... හික්....මට ඔයාගෙ කටහඩ හීනෙනුත් ඇහෙනවද කොහෙද."

"ජිමින් මේ මම ඇවිත් ඉන්නෙ....නැගිටිනවාආආආආඅ....ගෙදර යන්නෙ නැද්ද මිනිහෝ..කිව්වම අහලා නැගිටිනවා."

"ඔයා පොඩ්ඩක් මගෙ පූශ් වගේඒඒඒඒ...ඒ හින්දා මම ඔයා එක්ක යන්න එන්නං ඕකෙ...හික්....හජිමන්න්න්න්...මේක මගෙ පූශ්ට ආරංචි වෙන්න..හික්..දෙන්නෙපා හරිද.."

"ආශ්...මෙහෙ එනවා යන්න..කෝ තමුන්ගෙ ජැකට් එක..ආ මෙ තියෙන්නෙ..මෙහෙ එනවා වදකාරයා...මට නිදාගන්න දෙන්නෙත් නෑ..එක්කො බිව්ව නං බිව්ව උන් එක්කම යන්න ඕනෙ..මගුල.."

"ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්....කෑගහන්නෙපා....හික්...පූශ් ඔයා කෑගහද්දි වයසක පූශෙක් වගේ...අනික එස්සුස්මී මිස්ටර් පූශ්...ඔයාට පුලුවන් ද පොඩ්ඩක්...හික්...හෙමීට මාව ඇදගෙන යන්න..පිව්ව්ව්ව්ව්ස්ස්ස්ස්ස්ස්...හික්..."

"යාආඅහ්හ්හ්හ් ජිමින් මගෙ යකා අවුස්සන්නෙපා මෙතන."

"හික්...ඔයා කෑගහද්දි මට ඔයාව ඉබින්න හිතෙනවා ඩැඩී..."

"මෙන්න මෙහෙ වරෙං යන්න.. ඩැඩියෙක් ගහන්නෙ.."
ජිමින් කියවන මෙලෝ හසරක් නොතේරුනු යුන්ගි ජිමින්ව ඇදගෙන ගිහිල්ලා කාර් එකට දා ගත්තේ ජිමින් නොනවත්වාම කොහෙද ඉන්න ඩැඩියෙක් ගැන කියවද්දිමයි.

කාර් එකේ වාඩි වෙලා සීට් බෙල්ට් එක නොදා යුන්ගි දිහාම බලන් ඉන්න ජිමින්ව දැකපු යුන්ගි ජිමින් ලගට පාත් උනේ සීට් බෙල්ට් එක දාන්න. මේ අතරෙ යුන්ගි තමන්ගෙ දිහාට පාත් වෙනවා දැකපු ජිමින් ගෙ ඇස් දෙක බෝල උනා.

"එයා මාව කිස් කරන්නද යන්නෙ...අනී අනී.. මට ලැජ්ජයි...ආශ්...මෙච්චර ඉක්මනට අපි කිසුත් කරන්නද යන්නෙ.. එයා මට කැමතීවත්ද...ආහ්හ්...තොල් දෙක මෙහෙම පොඩ්ඩක් උල් කරොත් ලේසි වෙයිද....ම්ම්ම්ම්"

"කාර් එකට නැග්ගම සීට් බෙල්ට් එක දා ගන්නවා..එක එක කෙල්ලොන්ව හීනෙන් ඉබ ඉබ ඉන්නෙ නැතුව.." යුන්ගියගෙ හාදුවක් බලාපොරොත්තුවෙන් හිටපු ජිමින්ට ඔලුවට පාරක් ගහපු යුන්ගි බැන බැනම කාර් එක ස්ටාර්ට් කරා.

හාදුවක් බලාපොරොත්තුවෙන් හිටපු ජිමින් ගෙ බලාපොරොත්තු කඩඋන නිසා හිත දුකෙන් බර වෙද්දි ඇස් වලට කදුලු උනන්න ගත්තේ අද පොඩ්ඩක් එයා වෙරි උන නිසා ඉමෝශනල් වෙලා නිසයි. ඊටත් වඩා එයාගෙ අවුරුදු ගානක ආදරේ එයාගෙ එහාපැත්තෙන් එයාට බැන බැනම එයාව ගෙදර එක්කන් යන්නත් ආවානෙ. ඉතින් ජිමින්ට දුකයි. එයා ගැනම එයාට දුකයි. එයාගෙ ආදරේ ගැන එයාට දුකයි. ඊටවඩා එයාට හාදුව නොලැබුන එකටත් දුකයි. ගිය මාසෙ එයාගෙ ස්නෝවි මැරුන එකටත් දුකයි. ජින් හ්‍යුන් නම්ජූන් ව බැන්ද එකටත් දුකයි. පහ වසරෙදි ජංකුක් එයාගෙ ආසම ගෑනුලමයව ඉම්බ එකටත් දුකයි. ඊයෙ උදේ බිස්කට් එක තේකට වැටුන එකටත් දුකයි.ඉතින් ජිමින් ට දැං ඇඩෙනවා. එයාගෙ කම්මුල් රතු වෙලා තොල් උල් වෙලා. ඇස් වලින් කදුලු බෝල එක දිගට එයාගෙ ඔඩොක්කුවෙ ගුලි කරං ඉන්න අත් වලට වැටෙනවා. නහයෙ හොටු බෝල පුම්බ පුම්බ හොරෙන් අඩන ජිමින්ව තාම යුන්ගි දැක්කෙ නැත්තෙ එයා තාම හොබාට ටේහ්‍යුන් ට ජංකුක් ට සහ ජිමින් ට බැන බැන කාර් එක ඩ්‍රයිව් කරන හින්දා.
.
.
.
.
.
.

2022.10.28

SUGAR MIMI (COMPLETED)Where stories live. Discover now