7 🍭

592 144 27
                                    

ජිමින් බැලුවෙ තමන්ට එහාපැත්තෙ ඉන්න එයාගෙ ආදරේ දිහා. සුදුමැලි පාට හම එක්ක නහර මතු උන දිහ ඇගිලි සුක්කානම ලස්සනට හසුරවන විදිහ එයාට පේනවා. බාගෙට වැහිලා තියෙන ඇස්. ජිමින් මතක් කරා කවද්ද යුන්ගි හොදටම ඇස් ඇරන් හිටියෙ කියල. එයාට මතක් උනා එයා යුන්ගිව දකින මුල් දවසෙ ඉදන්ම යුන්ගිගෙ ඇස් බාගෙට ඇහිලයි තිබුනෙ කියල. කූරු කූරු කොන්ඩෙ අල්ලලා බලන්න ජිමින්ට ඕනෙ උනා. හීන් තොල් අල්ලලා බලන්න ඕනෙ උනා. ඒත් එයාට බෑ... මින් යුන්ගි කියන්නෙ එයාගෙ අක්කගෙ හස්බන්ඩ් නැත්තන් හන්සොල් ගෙ අප්පා. ඉතින් ජිමින්ට බැ යුන්ගිට අයිතිවාසිකම් කියන්න. තව කදුලු කැටයක් ජිමින්ගෙ ඇස් වලින් මිදිලා අතට වැටිලා විසිරිලා ගියා.

ජිමින්ට මතකයි මුලින්ම යුන්ගිව දැක්ක දවස අප්පාගෙ යාලුවෙක් උන මින් අන්කල් ගෙ ගෙදර ගියපු දවසෙ සීතල පාට ඇස් දෙකකින් එයා දිහා බලාගෙන ඉදලා

"හායි මම පාර්ක් ජිමින්.ඔයාට කොහොමද..මට වයස 7යි."

කියල එයාව අදුන්නලා දුන්නත්

"මින් යුංගි."
කියල විතරක් කියපු යුංගිව එයාට තාම මතකයි. පස්සෙ පස්සෙ ජිමින්ට යුංගිව නිතරම දකින්න, එයා එක්ක සෙල්ලම් කරන්න ඕන උනාම බොරුවට පොලේ හැපිලා හන්ජි එක්ක මින් අන්කල්ගෙ ගෙදර ගියපු හැටිත් එයාට මතකයි. හන්ජි ජිමින් යුංගි ටික ටික ලොකු වෙනකොට කාටත් හොරා ජිමින් යුංගිට ආදරේ කරන බව හන්ජිට කියපු දවසෙ හන්ජි කාටවත් ඒක නොකියන්න පොරොන්දු උන හැටිත් එයාට මතක් උනා.

තව කාලයක් යද්දි එයාලා තුන්දෙනා පාරවල් තුනකට යද්දි ජිමින්ට ටේහ්‍යුන් ජංකුක් හම්බුන හැටි එයාලා හින්දා ජින් හ්‍යුන්,නම්ජුන් හ්‍යුන් සහා ආරා නූනා එක්කම හොබී හම්බුන හැටි, ජින් හ්‍යුන්ගෙ යාලුවෙක් කියල යුංගිව එයාලගෙ පාටි එකකදි ආයෙම හම්බුන හැටිත් එයාට මතක් උනා. යුංගි ආයෙම ජිමින් හන්ජි එක්ක යාලුවො උනාට පස්සෙ අප්පලාගෙ කැමැත්තෙන් හන්ජිව යුංගිට විවාහ කරලා දෙන්න කටයුතු උන හැටි වගේම හන්ජි ජිමින්ගෙන් සමාව ඉල්ලපු හැටි මතක් උන ජිමින්ගෙ කදුලු ආයෙත් අලුත් උනා. වෙඩින් එක දවසෙදි හන්ජි වගේම යුංගිවත් දකිද්දි එයාට ඇඩුනත් හැමෝම එයාගෙ හිතහදන්න ආවෙ එයා හන්ජි යන හින්දා අඩනවා කියල හැමෝම හිතුව හින්දා කියලත් ජිමින්ට මතක් උනා.

සුරුස් ගාලා නහය උඩට ඇදපු සද්දෙට ජිමින්ගෙ පැත්ත බලපු යුන්ගි ජිමින් අඩනවා දැක්කම ඉක්මනට වාහනෙ නතර කරා.

"ජිමින් ඇයි අඩන්නෙ..මොකද්ද උනෙ..?"

"හ්‍යුන්..ඔයා කාටහරි ආදරේ කරලා තියෙනවද..?"

"ආශ්...මම බය උනා ජිමින්. ඔයා මේ වෙරි මතෙ ඔයාව දාලා ගියපු කෙල්ලෙක් ගැන හිත හිත අඩනවද.."

"හ්‍යුන්..ඔයා තනියම ආදරේ කරල තියෙනවද.."

"මං කලින් කාටවත් ආදරේ කරේ නැ ජිමින් ඔයා දන්නවනෙ ඒක. හන්ජි තමා මගෙ එකම ආදරේ. ඔයා තනියම ආදරේ කරනවද ජිමිනා.. කවුද ඒ.."

"ඒ කවුද කියල මගෙන් අහන්න එපා යුන්ගියා. මං දන්නෙ එයාව අමතක කරන්න හදන හැමවෙලාවකම තවත් මම එයාට බැදෙනවා කියල විතරයි."

"ඕහ්..."

"හ්‍යෝන් ඔයාට පුලුවන් ද මාව පොඩ්ඩක් තුරුල් කරගන්න."

ජිමින් හරිම අහිංසක විදිහට යුන්ගිගෙන් අහද්දි යුන්ගිගෙ හිත ඇතුලෙන් දැනුන ඒ හැගීම මොකද්ද කියල තේරුම් ගන්න උත්සහ නොකරපු යුන්ගි, එයාගෙ හිතුවක්කාර මස්සිනාව එයාගෙ පපුවට ගුලි කර ගත්තා.

යුන්ගිගෙ පපුවෙ උනුසුමට ගුලි උන ජිමින්ට කවදාවත් නොදැනුන සහනයක් දැනෙද්දි වෙරි මත එක්කම එයාටත් නොදැනුවත්වම එයාට නින්ද යමින් තිබුනේ යුන්ගි තාමත් එයාගෙ පිටට හෙමීට තට්ටු කරද්දියි.

"මං ඔයාට ආදරෙයි."
ජිමින් යන්තන් මුමුනනවා ඇහුන යුන්ගි ජිමින් නිදි කියල දැන ගත්තම ආයෙම එයාව ශීට් එකට හේත්තු කරලා කොන්ඩෙ එකට ඇලිලා තිබුන නලල උඩින් යන්තම් හාදුවක් තිබ්බෙ ශනිකව ආපු සිතුවිල්ලට උනත් මේ විනාඩි ගාන යුන්ගිව සෑහෙන්න අවුල් කරලා තිබුනා.

ගෙදර එන්න පිටත් උනත් එන මගදිත් යුංගි කල්පනා කරේ ජිමින් අඩනවා දැක්කම එයා එච්චර කලබල උනේ ඇයි කියල. සමහරවිට ජිමින් පොඩි කාලෙ ඉදන්ම අදුරන හින්දා වෙන්න ඇති. ඒත් එයාට එක දෙයක් තාමත් මගහැරිලා කියලා යුංගි හිතුවෙ නැ, මොකද එයා හිතන් හිටියා එයා තනි කෙලින් ඇදපු ඉරක් කියල.
.
.
.
.
.
♥️
මට මේක සෑඩ් එන්ඩින් කරන්නම හිතෙනවා. නා ඔතොකේ..🥲

SUGAR MIMI (COMPLETED)Where stories live. Discover now