"ම්ම්ම්ම්ව්ව්හ්"
ජන්කුක් හුස්ම හිරවීගෙන වගේ එද්දි ටේහ්‍යුන්ග්ගේ උරහිසට අත් තද කරලා ටේහ්‍යුන්ග්ව එයාගෙන් ඈතට කරා. කොච්චර වෙලාවක් ගෙවිලා ගිහින්ද කියලා ඒ දෙන්නටම අදහසක් තිබ්බෙ නෑ.
හාදුවෙන් ජන්කුක්ගේ තොල් තදරතුවට හැරිලා. ඒ දෙන්නගෙම කෙල ජන්කුක්ගේ කට දෙපැත්තෙන් නිකට හරහා තවමත් බේරෙමින් තිබ්බා.
ටේහ්‍යුන්ග්ට ආයෙම පාරක් ඒවා දිවෙන් ලීක් කරලා ජන්කුක්ව කිස් කරන්න ඕනේකම තිබ්බත් එයා ඒ අදහස අතහැරියා.
පළවෙනි පාරම බලහත්කාරකම් කරා වෙන්න ඕනේ නෑනේ!ජන්කුක් ආයෙම ටේහ්‍යුන්ග්ට පිටුපාලා අහස දිහාවට හැරුනා. මං කොහොමද එහෙම හැසිරුණේ... පිස්සුවෙන් වගේ ටේහ්‍යුන්ග්ව කිස් කරපු හැටි ජන්කුක්ට මැවි මැවී පෙනුනා.
"මේ හාවෝ! "
ටිකකින් ටේහ්‍යුන්ග් කතා කරා. දෙන්නම ලැජ්ජාවෙන් පිරිලා ගිහින් හිටියා.
"මට දෙයක් දැනගන්න ඕනේ"
ටේහ්‍යුන්ග් කියන්න හදන්නේ වෙච්ච දේට සමාවෙන්න කියලා වෙන්නැති කියලා ජන්කුක් හිතුවා. ඒත් ඒක එහෙම නොවෙද්දී ජන්කුක්ටත් ගොඩාක් දේවල් ටේහ්‍යුන්ග්ගෙන් අහන්න ඕනෙ වෙලා තිබ්බා.
ඒත් මට ලැජ්ජයි මූණ දීගන්න බැ.. ජන්කුක් සෝල් නගරය දිහාම බලන් හිටියා."ම්ම් අහන්න"
"ඔයා ඇයි ජිමින් සුකී කියලා හිතන් ඉන්නේ"
ටේහ්‍යුන්ග්ගේ හුස්ම ජන්කුක්ගේ බෙල්ලෙ වදින ගානට ටේහ්‍යුන්ග් ජන්කුක්ට ලගින් හිටියා.
ඔයා හරි සුවදයි හාවෝ! කන්න හිතෙනවා.
ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ බෙල්ලට ඉව අල්ලමින් හොදට හුස්ම ගත්තා."මොකද මං එයාගේ ෆෝන් එකේ නොටිෆිකේශන්ස් දැක්කා. සුකීග්~~"
"මොකක්!!!"
ජන්කුක් කියලා ඉවර කරන්න කලින්ම ටේහ්‍යුන්ග් කෑගැහුවා. ඒ සද්දෙට ජන්කුක් ගැස්සිලා ගියා.
"පිස්සුද මනුස්සයෝ කන ලග ඉදන් කෑගහන්නේ.. අහකට යනවා"
ජන්කුක්‍ට ටේහ්‍යුන්ග්ගේ හුස්ම බෙල්ලෙ වදින එක දරාගන්න බැරිවෙලා තිබ්බා. ඉතින් එයා මෙහෙම ටේහ්‍යුන්ග්ට කෑගහලා ටේහ්‍යුන්ග්ව එයාගෙන් ඈතට කරා.
YOU ARE READING
Lovely Moon♡ (COMPLETED)
Romance~ ඒත් ඊළග මොහොතේ දොරෙන් ක්ලාස් එක ඇතුළට ආව කෙනෙක් ජන්කුක් ඉස්සරහ නතර උනේ කටකොනේ හිනාවක් තියන්. ඒ හිනාව ජන්කුක්ව සීතල කරවලා තිබ්බා. " අගේන් කන්ග්රැජුලේශන්ස් ජොන්ග් ජන්කුක් " ඒ කෙනාගෙ අත ජන්කුක්ගේ පැත්තට දිග් උනේ හෑන්ඩ්ශේක් කරන්න " අගේන් තෑන්ක්යූ...