යාහ් ජියෝන් ජන්කුක්... තමුන් කාගෙන් අහලද අර විදිහට අර මාෆියාකාරයත් එක්ක ගියේ..."
කාමරෙ ඉදන් එලියට දුවන් ආපු ජන්කුක් ජිමින් ඉන්නව දැකලා ඒ ලගට දුවගෙන ගියත් ජිමින්ගේ ප්‍රතිචාරය නම් ඒ තරම් හොද එකක් උනෙ නෑ..
බෙල්ලෙ පිටිපස්සත් කස කස වැරැද්දක් කල පොඩි එකෙක් වගෙ ජිමින් ලගට ආපු ජන්කුක්ගෙ කට භාගෙට ඇරුනෙ ජිමින්ගෙ බෙල්ලෙ තිබුන රතුපාට පැල්ලම නිසා...
"වෙයිට් ජිමින්.. මොකක්ද ඔයාගෙ ඔය බෙල්ලෙ තියෙන්නෙ.. ඒක නිකන් හයිකි එකක් වගෙ..?"
මෙච්චර වෙලාවක් ජන්කුක්ට රව රව හිටපු ජිමින්ගෙ සිහිය එවෙලෙයි ආවේ..
ඉක්මනටම තමන්ගෙ අතක් බෙල්ලට ගෙනියපු ජිමින් බෙල්ලත් උරහිසත් අතර අල්ලන්න ගත්තෙ සම්පුර්ණයෙන් රතුවුන මූනෙන්...."ආහ් මේ..ඒක...ඒක මේ.... මොකුත් නෑ... මන් බෙල්ල කැසුවා... ඒකනිසා වෙන්න ඇති."
ජන්කුක්ගෙ මූනෙන් ඒක පිලිගත්ත වගක්නම් පෙනුනෙනෑ.. මොකද ජිමින්ගෙ බෙල්ලෙ හරියටම කාගෙ වුනත් දත්පාරක් හිටලා තියේ... ඒක හරියටම හයිකි එකක්... ඕක නොතේරෙන්නෙ තරම් ජන්කුක් බබෙක් නෙවෙයි කියලානම් විශ්වාසයි...
මොකද ඉතින් අපිත් අනන්තවත් බෙල්ල කසන්නෙ... ඔහොම දෙයක් වෙන්න විදිහක් නෑනෙ...
ජන්කුක් ඇහිබැමත් උස්සගෙන ටිකවෙලාවක් ජිමින් දිහා බලන් හිටියත් ජිම්න් කලෙ රතුවුන මූනෙන් බිම බලන් ඉදපු එක විතරයි..
"අ...අපි යමු පාටි එකට"
මෙච්චර වෙලාවක් තිබ්බ නිහඩ බව බිදිමින් ජිමින් කියද්දි ඒක අනුමත කරපු ජන්කුක් ජිමින් එක්කම හොටෙල් රූම් අතරින් ඉවත් වුනා...