ජන්කුක් ඇනයක් අතැතිව ඉදිරියට ඇදුනෙ අනික් අතේ තිබුනු මිටිය මොහොතකට බිමින් තියලා. ගමේ නත්තල් ප්‍රසංගය පවත්වන්න පොඩි අයට ටිකක් උසට පෙට්ටියක් හදලා දෙන්නයි ජන්කුක් ලෑස්ති වෙලා හිටියෙ.
වාහනයක් ඇවිත් පිට්ටනියට දාලා නැවැත්තුවේ නැත්නම් ජන්කුක්ට කිසිම බාධාවක් නොවෙන්න තිබුනා.
සතියකට පස්සෙ, ආයෙත්!
"කොහොමද ජන්කුක්ට?"
"ටේහ්‍යුන්ග් මෙතනට එනකල් හොඳින් හිටියා."
ටේහ්‍යුන්ග් ජන්කුක්ගෙ ඉස්සරහා හිටගෙන හිටියා උනත් ජන්කුක්ගෙ ඇස් තිබුනෙ ටිකක් දුරින් පේන එයාගෙ පුංචි ගෙදර දොරට හේත්තු වෙලා ජන්කුක්ගෙන් මොහොතකට අවදානය පිටට ගන්න උත්සාහ නොකර ඉන්න තරුණිය ළඟ.
"යාළුවෙක්ද? ජන්කුකී."
"තේ එකක් ලිපේ තියන්න ආරා."
ගෙදර ඇතුලට ගියපු ආරාගෙන් ඇස් ගලවගත්තට පස්සෙ තමයි ජන්කුක් හරි අවදානයක් ටේහ්‍යුන්ග්ට දුන්නෙ.
"ජන්කුක්ගෙ වයිෆ්ද?"
"ඒක ටේහ්‍යුන්ග්ට වැඩක් නැහැ. ආපු හේතුව කිව්වා නම් ඉක්මනට යන්නත් තිබුනා. රෑට ගැවසෙන්න හොඳ පැත්තක් නෙවෙයි මේ."
"කමක් නෑ අපි තේ බීලා ඉමු."
◇◇◇
YOU ARE READING
ᴀɴᴛɪ-ʜᴇʀᴏ • ᴛᴀᴇᴋᴏᴏᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]
FanfictionI'll stare directly at the sun, But never in the mirror!