💛.. 06..චන්ද්‍ර රාත්‍රියට පෙර......

1.8K 382 164
                                    

🌼🌼 The Flower of Summer 🌼🌼....

semini28 ඔන්න  යාවෝ කුමරුන්ගේ කතාවටත්  නංගා ලස්සන කවර් පික් එකක් හදලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

semini28 ඔන්න  යාවෝ කුමරුන්ගේ කතාවටත්  නංගා ලස්සන කවර් පික් එකක් හදලා.....ගොඩාක් ස්තූතී නංගා...........❤️💚💛🌼🌼

" ආහ්.......මේ පාලුව දරාගන්නට අපහසුයි යූයෑ ......... "

කුටියෙන් පිටතට යන්නටත් අවසර නොමැතිව  ගෙවී යන තුන්වැනි දිනයයි...... විසිහතර පැයක් කුමරුන් හට නම් කල්පයක් මෙන් විය ... උදෑසන ආහාර වෙලාවෙන් පසු මාලිගාවේ පුරෝහිත වරයෙකු පැමිණ කුමරුන් හට මාලිගාවේ නීති රීති , සම්ප්‍රදාය , පුරාණය ආදී නොයෙක් දෑ කියාදෙන්නේය... හෝරා දෙකක් ඔහු කුමරුන්ගේ කුටිය තුල,රැදී පිටව යන්නේය.. එතැන් සිට දිවා භෝජනය දක්වා කුමරුන් තනිව සිටින්නේය....

ඉතින් කුටිය තුල නොසන්සුන්ව එහා මෙහා ඇවිදිමින් සිටි කුමරුන් ඇදට කඩාවැටෙමින් කීවේය ....

" කුමරුන් ට වැඩිපුරම ඇත්තේ සියැන් කුමරුන් දකින්නට නැති පාලුවක්  ..."

යූයෑ කුමරුන්ගේ දිවා ආහාර තැටියට බෙදාගෙන කුමරු අසලින් සයනයේ අසුන්ගනිමින් කීවේය ..

" කුසගින්නක් නැත........"

කුමරුන් ආහාර ප්‍රතික්ෂේප කරන්නට පටන්ගත්තේය ....සෙන්පති තුමන් සිහිකිරීමෙන් කුමරුන්ගේ වේදනාව තවත් වර්ධනය විය  ..

" ලින්නා......එසේනම් අර පුරෝහි........."

" හරි හරි යූයෑ ...... ඇත්තමයි ඔබව ෂින්යාඕ හි නවතා එන්නටයි තිබුනේ..."

යාවෝ කුමරුන් සයනය මත අසුන්ගනිමින් කීවේය ..... යූයෑ අමනාපයෙන් ඉවතබලාගත්තේය....

" ඉතින් මා සූදානම් ...... මේ සුකුමාල කුමරුන් කුසගින්නේ මියයන තුරු අහකබලාගෙන සිටින්නද ඔබ සූදානම් ..."

The Flower of Summer 🌼🌼 ... zhanyi historical ....( Complete )Where stories live. Discover now