💛..10.. එය මා වෙනුවෙන්ද....

1.9K 345 133
                                    

🌼🌼 The Flower of Summer 🌼🌼...

🌼🌼 The Flower of Summer 🌼🌼

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

my_zazin ලස්සනයි නංගා........ආදරෙයි ඉතින් 💚❤️💛

යාවෝ කුමරුන් ආශාවෙන් හිස ඔසවා තම ආදරණීයයාගේ කොපුලක් මතින් හාදුවක් තැබුවේය ...

" මාගේ සුකී...... "

යාවෝ කුමරුන්ව ඇදෙහි සතපවා සියැන් කුමරුන් ඔහු මතට ආවේය ...

**

" ච්..චන්දු ............... ඇයිද.......මේ........"

යාවෝ කුමරුන් රත්පැහැ වෙමින් ඇසුවේය ...

" පෙරදිනයේ මා නිහඩව සිටියෙ අද රාජසභාව නිසාම පමණයි සුකී ......ඉදින් අද නිහඩව දෑස් පියාගන්නේ කුමකටද......"

යාවෝ කුමරුන්ගේ මුහුණ පුරා අතැඟිල්ලක් රැගෙන යමින් සියැන් කුමරුන් ඇසුවේය ....ඒ දෑස් අඩවන් වී ඇති අයුරු දුටු යාවෝ කුමරුන් ලැජ්ජාවෙන් මූණ ඉවතට හරවන්නට හැදුවත් සියැන් කුමරුන් ඊට ඉඩ දුන්නේ නැත...

" ඉදින් මේ සියපත රත්පැහැ වන්නේ කුමකටද........ "

සියැන් කුමරුන් යාවෝ කුමරුන්ගේ නලලත මතින් දෙතොල් තබමින් ඇසුවේය .. ඒ පහසට යාවෝ කුමරුන්ගේ දෙනෙත් පියැවී ගියේය ...

", මාගේ සූරිය කුසුම නුඹ....ඉදින් මා හිරු වෙන්නම්..... ඔබට හැකීද මා අවරට යනතුරු මා දෙසම දෙනෙත් අයා බලා සිටින්නට...."

යාවෝ කුමරුන්ගේ දෑස් දෙස බලාගෙනම සියැන් කුමරුන් ඇසුවේය ...මෙතෙක් වේලා යාවෝ කුමරුන්ගේ තිබුනු කෝල බව ඒ වදන් හමුවේ හිරු  දුටු පිනිමෙන් වියැකී ගියේය .... යාවෝ කුමරුන් සියැන් කුමරුන්ගේ ගෙලවටා දෑත් පටන්ගත්තේය ....

" ඔබ අවරට යද්දී සූරිය කුසුම මෙන්ම මාත් මිලාන වෙන්නම්...."

ඒ වදන් ඇසුනු සැනින් සියැන් කුමරුන් යාවෝ කුමරුන්ගේ මුහුණ පුරාවට හාදු තබන්නට පටන්ගත්තේය ...එහෙන්මම ඒ රත්පැහැ දෙතොල් අසල නතරවූ සියැන් කුමරුන් ඒවා සියුම්ව සිපගන්නට පටන්ගත්තේය .... යාවෝ කුමරුන් සියැන් කුමරුන්ගේ වරලස බැද ඇති පීත්ත පටිය මුදාහල අතර දිගු වරලස හිස දෙපසින් කඩා හැලෙද්දී එම දර්ශනය තවත් රමණීය විය.....

The Flower of Summer 🌼🌼 ... zhanyi historical ....( Complete )Where stories live. Discover now