අහිමි ( පලමු දරාගැනීම )

365 24 4
                                    

දෙපා පාමුල විසිරුන දිගු කෙස් වැටිය දෙස හිස් බැල්මක් හෙලූ ඇය යලිත් වරක් කැඩපතෙන් පෙනෙන තමාගේ රුව දෙසම බලා කට කොනින් සිනාසුනේ සමච්චලයට මෙන්ය.. ගෙල තෙක් කොටට කපා දමා තිබෙන තම සැමියා නිතර අගය කල උකුල තෙක් තිබූ දිගු කෙස් වැටිය අහිමිවීම පිලිබඳ ඇයට කිසිදු දුකක් නොමැත.. ඒ  තව දුරටත් දුක් වීමට හෝ සතුටු වීමට තරම් හේතුවක් ඇයගේ ජීවිතයේ ඉතිරිව නොමැති බැවිනි..

සමාජය ඉදිරියේ යහපත් මවක් බිරිදක් වු ඇයට, සැමගේ ආදරය හිමිවන අයුරේ සුරතල් පුතෙකු සිටියි. දන්නා ඕනෑම අයකු අගයන අයුරේ සැමියකු සිටියි. ඕනෑම ගැහැණිය පතන අයුරින් සැප සම්පත් තිබෙයි.. නමුත් ඇයට එක් දෙයක් අහිමිව ඇත.. ඒ ඇගේ ආත්මයි.. ඇයට ඇය අහිමිව ඇත.. හදවතේ ගැඹුරු පත්ලේ මිහිදන් කල ඇගේ ආත්මය යලි කිසිදු දිනක අවදි නොවනු ඇත.. ආත්මය හඩා වැටෙමින් මිහිදන් වන විට ඇය හිස් රූකඩයක් බවට පත්ව සිටියි.. හැගීම් දැනීම් නොමැති හිස් ශරීරයක ප්‍රාණය ඇති බව හැගවීමට පමණක් හදවත ස්පන්දන වෙයි..

යලිත් වරක් කැඩපතින් පෙනෙන තම රුව දෙස බැලූ ඇය සිරුරේ තැන තැන ඇති කැලල් දෙස උපේක්ෂාව බලා සිහිපත් කලේ ඇයට අහිමිව ගිය ඇයගේ ප්‍රියතම මතකයන් පිලිබදවයි.. මේ වන විට නිරුවත් පිටෙහි ඇති කැලල කාලයක් ඇය ආසාවෙන් සටහන් කල සිත්තමක් බව සිහිවීම ඇයට වේදනාවක් විය.. අතෙහි ඇති සියුම් කැපුම් පහරවල් පෙන්වන්නේ ඇයගේ ජීවිත් විමට ඇති අකමැත්තයි.. නමුත් තවමත් ඇය  ජීවය ඇති ප්‍රාණයකි.. ඉබේ වැටෙන හුස්ම නිසාවෙන් පණ ඇති ඇවිදින මල  සිරුරකි..

ඇයට ඇය කෙරෙහිම ඇතිවූ කෝපයත් ආත්මානුකම්පාවත් හේතුවෙන් ඇය ජීවිතය අත්නොහැරිමට  තීරණය කලේය.  තමා මේ අයුරින් කොපමණ කාලයක් කැඩපත දෙස බලා සිටියායදැයි නිශ්චිත නොවු ඇය බිත්තියේ එල්ලා ඇති ඔරලෝසුව දෙස බලා තම එකම පුතු පාසලෙන් රැගෙන ඒම සදහා පිටත් වීමට  සුදානම් විය.. ඒ යලිත් වරක් ඒ මුහුණ දැක රිදුම් දෙන හඳවතක් සහිතව නැවතත් ඒමට සිදුවන බව හොදින්ම දැන දැනමය..

¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤

ඇය පාසලට යන විටත් ගුරුතුමිය දරුවන් කිහිපදෙනකු සමග ගේට්ටුව අසලටවී මග බලමින් සිටිනු ඇයට දැකගත හැකිවිය.. කොතරම් උත්සහා කලද ඇයට කවමදාවත් ඒ රුව මගහැර යාමට අවස්ථාවක් නොලැබුණි.. මොටර් රථය පාරේ අයිනට වෙන්න නවතා ඉන් බැසගත් ඇය සෙමින් ගේට්ටුව දෙසට ඇවිද ගියේ අදත් ඇය එනතුරු මගබලමින් සිටින දෙනෙත් මගහැර යාමට නොහැකී වීම ගැන පසුතැවෙමිනි..

¤අහිමි¤Donde viven las historias. Descúbrelo ahora