Chap 14

266 60 9
                                    

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ටේහ්‍යුන් සිවිලිම දිහා ඔහේ බලාගෙන හිටිය.ඔරලෝසුවේ තප්පර කට්ට කැරකෙන සද්දෙ ඇරුණු කොට වෙන කිසිම සද්දයක් ඇහෙන්න තිබුනෙ නෑ.ටිකක් වෙලා සිවිලිම දිහා බලන් හිටිය ටේහ්‍යුන් ඇස් දෙක පියාගත්තා.

ඒත්..එතකොටත් එයාට මැවිලා පෙනුනේ යොන්ග්සූව..

"ආයිශ්.."

ටේහ්‍යුන් ඇදේ ඉදගෙන අත්දෙකෙන්ම කොන්ඩෙ අව්ල් කරගත්තා.

"අනෙව් මට එයාව බලන්න ඕනේ."

ටේහ්‍යුන් ඇදේ පෙරලෙන ගමන් නාහෙන් ඇඩුවා.ඒත් හරියටම කිව්වොත් දැන් විනාඩි විස්සකට කලින් රැ කෑම ගද්දිත් එයා යොන්ග්සූ ව හම්බවුනා.

"ප්ෆ්ෆ්...මේක හරියන්නෙ නෑ.."

ටේහ්‍යුන් ඩුවට් එකත් අයින් කරලා නැගිටලා කාමරෙන් එලියට ගියා.

"ආයිශ්..එයාගෙ රූම් එක කොහෙද ඇත්තේ."ටේහ්‍යුන් ඉස්සරහට ඇවිදගෙන් යන ගමන් ඔලුවත් කස කස කල්පනා කලා.

"සිරාවට උබට පිස්සුද ටේහ්‍යුන්..උබ දැන් රෑ දොලහට එයාගෙ රූම් එකට යන්නද හදන්නෙ.ආහ් එක්කො කමක් නැ."ටේහ්‍යුන් තනියම කියවකියව් ඇවිදගෙන තවත් ඉස්සරහට යන්න බැරි නිසා ආපහු හැරුනා.

"ආහ් ඔම්මාආආ.."

තමන්ගේ ඉස්සරහා පිජාමා සූට් එකක් ඇදගෙන කොන්ඩෙත් අව්ල් කරන් ඉන්න ජිමින්ව දැකලා ටේහ්‍යුන්ට කෑගැහුනා.

"උබ මට කියන්න එපා උබ මහ රෑ 12 ට යොන්ග්සූගෙ රූම් එක හොයනවා කියලා ටේහ්‍යුන්."

"අහ්ම්...නෑ..මන්...මේ...ඒක නෙවෙයි...උබ මොකෝ මහ රැ මේ ඉබාගාතේ යන්නෙ.."

ටේහ්‍යුන් ආපිට ජිමින්ගෙන් ඇහුවා.

"අහ්..මන් මේ හෝසොක් හ්‍යොන්ග් එක්කයි මිස්ට ලී එක්කයි පොඩි ශොට් එකක් දැම්ම."

ජිමින් කිව්වා.ජිමින් දැනටමත් හිටගෙන නිදි.

"අහ්..හා හා..එහෙනන් නිදාගනින්.මන් යනවා බායි."

ටේහ්‍යුන් ජිමින්ගෙන් බේරිලා යන්න ටක් ගාලා කියලා එතනින් එන්න හැදුවා.

"උබ හොයන්නෙ යොන්ග්සූගෙ රූම් එකනන් ඒක දකුණු පැත්තේ හතර වෙනි රූම් එක..මන් දැක්ක එයා ඒකට යනවා."

MY HUMAN MATE 🎯  [completed]Where stories live. Discover now