ඔයාට මධ්‍යම රාත්‍රිය වෙනකන් විනාඩි හතක් ඉතිරි වෙලා තියෙනවා .. ඊට පස්සේ අපිට ඔයාගේ cords අයින් කරන්න වෙනවා Mr. Jungkook .. අපිට සමාවෙන්න. ඔයාටම තේරෙනවනේ.. මේක තවදුරටත් හරි යන්නේ නැහැ කියලා.
ඩොක්ට කෙනෙක් ඇවිල්ලා ගොඩක් හැඟීම්බරව කියද්දි මේ වෙලාවෙදි සිහියෙන් ඉඳපු එකට ජන්කුක් තමන්ටම ස්තූති කරගනිමිනුයි හිටියේ. මොකද ගොඩක් වෙලාවට එයා හිටියේ සිහිය නැතුව. මේ අන්තිම මොහොතේ ඇහැරිලා ඉන්න එකම ජන්කුක්ට ගොඩක් ලොකු දෙයක් වුණා.
ජන්කුක් තමන්ට මේ වෙනකන් වුණ කිසි දෙයක් කිසිම කෙනෙක්ට කියලා තිබ්බේ නැහැ. මොකද එයා දැකලා තිබ්බා ගොඩක් අය මෙකෙන් බේරෙනවා. ඉතින් එයත් හිතුවා එයත් මේදෙයින් බේරිලා යන කෙනෙක් වේවි කියලා. හැම දෙයක්ම හොඳින් සිද්ධ වෙලා එයාට ආයේ සාමාන්‍ය විදියට හ්‍යුන්ග්ලා ගාවට යන්න පුළුවන් වේවි කියලා එයා හිතුවා..
ඒත් එහෙම හිතපු එක තමයි එයා කරපු වැරදි සහගතම දේ !!
එයාට හ්‍යුන්ග්ලට කියන්න තිබ්බා.
නැහැ.
මේක දැන් ඒවා කිය කිය ඉන්න වෙලාව නෙමෙයි. දැන් මේ ලැබිලා තියෙන වෙලාවේ කරන්න ඕනේ තමන් ඇත්තටම ආදරේ කරපු අයට කතා කරන එක. එයාලා එක්ක සාමාන්‍ය දේවල් කතා කර කර ඉන්න එක.. අන්තිම වතාවට...
Kim Seok Jin
CallingJeongguk
හලෝ සොක්ජින් හ්‍යුන්...Seok Jin
හලෝ පොඩ්එකා.. මොකද නිකන් මූඩ් අප්සට් වෙලා වගේ. කටහඬත් අමුතුයි . ඉන්න , ඉන්න ..මම දන්නවා ඔයාව ලේසියෙන්ම හිනස්සන හැටි..
තමන්ගේ කාර් එක නැති කරගත්ත මෙක්සිකන්කාරයෙක්ට කොහොමද කියන්නේ ?
Carlos !!
Jeongguk
මට ඔයාගේ හිනාව ඇත්තටම මතක් වෙනවා හ්‍යුන්ග් ..
Seok Jin
මොනවද ඔයා මේ කියවන්නේ ? පොඩ්ඩක් ඉන්න
ඔයා අඬනවද ? දෙයියනේ ඔයා හොඳින්ද ජන්කුක් ?
ESTÁS LEYENDO
Seven Minutes | JJK × BTS [✔]
Fanficජන්කුක් ඔයාට තව විනාඩි හතක් වගේ තියෙන්නේ ..ඉතින්, පරිස්සමට ඒ වෙලාව පාවිච්චි කරන්න.. Original story by : Angelsofdawn Translated by : Lan_Kimra