Chapter 03

43 16 0
                                    


දින කිහිපයක් ගෙවී ගිය තැන තවත් එක් අවාසනාවන්ත සිදුවීමක්.
රෝහල් ගතව සිට සුවය ලැබූ Ji-hoo පාසලේ ඉහලම මාලයෙන් පැන සියදිවි නසා ගන්නට විය.

එම ස්ථානයේ ඔහු විසින් තබා තිබූ Hannaගේ ඡායාරූපයෙන් සියදිවි නසා ගැනීමට හේතුව කුමක්දැයි සියලු දෙනාට පැහැදිලි විය.

සති කිහිපයක් ගතවන තුරුම පාසල කැලඹිලි ස්වභාවයක පැවතුනද කෙමෙන් සියලු දෙනාගෙ මනස යතා තත්වයට පත් විය.

නමුත් In-ho........

පළමු සිදුවීම සිදු වූ දින සිට ඔහුගේ හැසිරීම අසාමාන්‍ය විය.
හුන් තැනම බලාගත් වනම බලා සිටින ඔහු දිනකට වචනයකුදු මුවින් පිට නොකලේය. කුඩා ශබ්දයකට වුවද ඔහු බියෙන් සලිතව ගියේය. සෑම විටන අන් සිසුන්ගෙන් වෙන්ව සිටීමට ඔහු උත්සාහ කරන්නට විය.

"Hanna නැති වුන දවසෙ ඉදලම එයා ඔහොමයි. එයා ඔක්කොම දැක්කනෙ. Shock එකක් වගේ වෙන්න ඇති."

"මම හිතන්නෙ එයා Hannaට කැමැත්තෙන් හිටියා.පව් ඉතින් එයා දැක්කනෙ Hanna නැති වෙනවා."

ඔහු දෙස බලා සිටින සිසුන්ගේ මුවින් නිතරම පාහේ මෙවැනි අදහස් පිට විය.

පාසල අවසන්ව In-ho තමා සිටි නේවාසිකාගාරයට පැමිනියේය. රත්‍රියේ තම යහන මත වැතිර ඔහු බලා සිටියේ මකුනු දැල් බැදී දුවර්නව ගිය පැරනි වහලය දෙසයි.
ඔහුගේ මුහුනෙහි කිසිදු සිතුවිල්ලක සේයාවක් හෝ නොවීය.

නින්දට යාමට කාලය එලඹ තිබුනු බැවින් මුලු ගිඩනැගිල්ලේම විදුලි පහන් නිවා දමන්නට විය.

අදුරෙන් ගිලී ගිය ශාලාවේ යහන මත ඔහු වැතිර සිටි අයුරින්ම තවමත් වැතිර සිටී.

මීලග නිමේශයේ දෑස් පියා ගත් ඔහුගේ මුවගට මද සිනහවක් පහල විය. හේතුවක් නොමැති වුවද එහි බියකරු බවක් ගැබ්ව තිබුනි..................

🖤ρᦓꪗᥴꫝꪮ ꪶꪮꪜꫀ᥅ 🖤 [Completed✔️]Where stories live. Discover now