Chapter 04

43 15 0
                                    


මීලග නිමේශයේ දෑස් පියා ගත් ඔහුගේ මුවගට මද සිනහවක් පහල විය. හේතුවක් නොමැති වුවද එහි බියකරු බවක් ගැබ්ව තිබුනි.

ඔහුගේ මනස තුල ගලා ගියේ ඔහුගේ මතකයට නැගෙන සිදුවීම් දාමයකි.

ඔහුගේ මනස පිරී පැවතුනේ Ji-hoo සහ Hanna අතර සිදු වූ විවිධ සිද්ධීන් වලින් විය. නමුත් ඔහු විශ්වාස කල පරිදි ඒ සියලු සිද්ධීන් වල Hanna සමග සිටියේ Ji- hoo නොව තමන්ය. ඔහු තමන්ගේ ආශාව පරිදි යථාර්තයේ චරිත වෙනස් කර තිබුනි.

ඔහු Hannaගේ අත ගෙන උද්‍යානයෙහි ඇවිද යන අයුරු , උද්‍යානයේ සැගවුනු කොනක සිට Hannaගේ දෙතොල් සිප ගන්නා අයුරු, ඇය තම තුරුලට ගන්නා අයුරු, ආදී සියලු සිද්ධීන් සිදු වූ බවට ඔහු තම සිත රවටමින් විශ්වාස කරන්නට විය.

සත්‍ය යයි මවා ගත් සිතුවිලි ඔහු විඳින බවක් පෙනෙන්නට තිබින. ඔහුගේ වියරු සිනහවද මුහුනේ තවමත් රැඳි පැවතුනි.

පසු දින පාසල් නිවාඩු දිනයක් වුවද උදෑසනම In-ho පිටත් වූයේ පාසලට යාමටයි. වෙනදා වූ ඔත්පල හෝ බියමුසු ස්වභාවය අද ඔහු තුල නොවීය. ඉතා සාමාන්‍ය පුද්ගලයෙකුගේ හැසිරීම් රටාවක් ඔහු තුල විය.

ප්‍රධාන ගේට්ටුව අගුලු ලා තිබූ බැවින් ඔහු ජනේලයකින් පැන කොරිඩෝවට පිවිසියේය.
ඉතා ක්ෂාන්ත ගමනකින් තරප්පු පෙල බැස ගිය ඔහු නතර වූයේ ඒ අවාසනාවන්ත සිදුවීම සිදු වූ ස්ථානයේය. Hanna මිය ගිය ස්ථානය............

🖤ρᦓꪗᥴꫝꪮ ꪶꪮꪜꫀ᥅ 🖤 [Completed✔️]Where stories live. Discover now