මාශ්ගේ Porsche එක නවත්තලා තිබුනේ සෝල් යුනිවර්සිටි එක ගාව. ජිමින් හිටියේ ස්ටියරින් වීල් එකට තට්ටු දාන ගමන් එයා බලාපොරොත්තු වුන කෙනා එනකල්.
" ජිමින්...ඔප්පා...!!! "
ජිමින් ඉදගෙන හිටපු සීට් එක පැත්තෙන් ජනේලට තට්ටු කරපු ඒමිගේ මූණේ තිබුනේ ලස්සන හිනාවක් කියලා ජිමින්ට හිතුනා. එයා ඉක්මනින් කාර් එකෙන් බැස්සා.
" ඕ... ගුඩ්මෝර්නින් ඒම්......! "
" හනේ... මං හිතුවේ නෑ ඔයා අදම එයි කියලා.. ඇත්තටම තැන්ක්ස් ඔප්පා...! "
" මම තාම ඔයාට හෙල්ප් කලේවත් නෑනේ.. ඒම්........! "
" ඒත් ඉතින් ඔප්පා ඇවිත් නේ...එඑ.. හරි එන්නකො... මං ඔයාට අපේ ස්පෝට් කල්බ් එකේ ලීඩර්ව අඳුන්වලා දෙන්නම්...!! "
ඇත්තටම ජිමින් ඒමිව හම්බුනේ එයලාගේ යුනි එකේ ස්පොර්ට් ක්ලබ් එකට ස්පොන්සර් කෙනෙක් විදියට උදව් කරන්නයි. ඒකට වෙන හොඳ හේතුවක් නෑමයි කියන්නත් බෑ. ඒත් එයා හරිම කැමැත්තෙන් ඒ වැඩේට ආවා.
ඒ වැඩේ ඉවර කරලා ජිමින් ආපහු මැන්ශන් එකට එද්දි ලන්ච් එකත් පහුවෙලා තිබුනේ. එයා ඒත් හෙන පුදුමයෙන් හිටියේ මාශ්ගෙන් කෝල් එකක් ආවේ නැති එකට. එයා ඒක ගැන හිත හිත ඇතුළට ගියත් හොඳටම පුදුම උනේ මාශ්ගේ මමා එක්ක කතා කර කර හිටපු කෙනාව දැකලයි.
" යුන්ගි හ්‍යෝන්.........!!! "
ජිමින් දුවගෙන වගේ යුන්ගි හිටපු සෝෆා එක පැත්තට ගියත් යුන්ගි ජිමින්ව නවත්තගත්තේ එයාගේ නළලට ඇඟිල්ලක් තියලා. මාශ්ගේ මමා හිනාවෙන ගමන් එතනින් ගියේ එයාලාට කන්න මොනා හරි එක්ක කොෆි එකක් හදන්න.
එතකොට යුන්ගි කියන්නේ මාශ්ගේ කසින් බ්‍රදර් කෙනෙක්. එයා හයර් පොසිශන් එකක් දරන එයාෆොර්ස් ඔෆිසර් කෙනෙක්. මින් යුන්ගි කියන්නේ සුදුමැලි පාට පුදුම තරම් කඩවසම් හාදයෙක්. පොඩි කාලේ ඉදන්ම එයාට තිබුන දරදඩු ගතිය එයාගේ ජොබ් එකත් එක්ක හොඳටම ගැළපිලා තිබුනේ. එයා පිටතින් හරිම සන්සුන් කම්මැලි වගේ පෙනුනට එයා හුඟක් ස්ට්‍රික් කෙනෙක් සහ එයාට හොඳ බුද්ධියක් තිබුනා. ඒ නිසා එයා ටිකක් සයිලන්ට් කෙනෙක්.
YOU ARE READING
GUKKIES HOT CHOCOLATE || JJK || COMPLETED
FanfictionBetter with Hot... Sweet like a Chocolate.... Soft like the Water.... Feels in Heaven.... SHE IS MY HOT CHOCOLATE A Jeon Jungkook Fan Fiction. Girl × Boy [Edited] Start :- 2021.12. 26. End :- 2022.12. 08.