ජොන්කුක් හිටියේ මාශ්ගේ Porsche Taycan එක නෝමල් වේගයකින් ඩ්‍රයිව් කරන ගමන්. එයා මාශ්ගෙ Porsche එකට ආස කලා. ජොන්කුක් කොහොමත් වාහනවලට ආස.. ආදරේ කරන කෙනෙක්. ඉතින් එයා හරිම චිල් එකේ පරිස්සමෙන් ඩ්‍රයිව් කලා.
හැබැයි මාශ් නම් හිටියේ එපාවෙලා වගේ කටත් ඉරක් කරගෙන. එයා කැමති වේගෙන් ඩ්‍රයිව් කරන්න. අනික මේ යකා රේසර් කෙනෙක් වෙලත් මෙහෙම චිල් එකේ ඩ්‍රයිව් කරද්දි. ඇස් දෙකත් උඩට රෝල් කරපු මාශ් ජොන්කුක්ගේ පැත්තට හැරැනා. මෙච්චර වෙලා එයා හිටියේ අත් දෙකත් බැදගෙන වින්ඩො එකෙන් එළිය බලාගෙන.
" ඕහ්.... හෝ... මිස්ටර් චැම්පියන්.... මෙච්චර ද... ස්පීඩ් එක....ආාහ්.....? ඔයා වින් කලේ.. චීට් කරලා එහෙම නෙවෙයි නේද..? "
මාශ්ට ජොන්කුක්ගෙන් ලැබුනේ කට කොනේ හිනාවක් විතරයි. එයා මාශ් දිහා බලන්නවත් මහන්සි නොවි ජියර් එක කඩලා ස්පීඩ් එක වැඩි කලේ මාශ්ට හිතාගන්නවත් වේලාවක් නොතියා. එකපාරටම වැඩි වුන වේගේ නිසා මාශ්ව ගිහින් ආයමත් සීට් එකට ඇලුනා.
මාශ්ගේ මුණට ආවේ දඟකාර හිනාවක්. ජොන්කුක් එන්න එන්නම වේගය වැඩි කරමින් වාහන අතරින් ඩ්‍රයිව් කලා. සාමාන්‍යයෙන් හන් ගඟ පේන මානයකට එන්නත් එයාලා හිටපු ස්ටුඩියෝ එකේ ඉදන් විනාඩි තිහක් ගත උනත් විනාඩි පහළවකටත් කලින්ම හන් ගඟ පේන මානයට එන්න ජොන්කුක්ගේ වේගයට පුලුවන් උනා.
ඉස්සරහින් තිබුන යු ටර්න් එක අරගත්තම ජොන්කුක්ට පුලුවන් විනාඩි කිහිපයකින් හන් ගඟ ගාවින් Porsche එක නවත්තගන්න. එයා ආපු වේගෙත් එක්ක ඒක ටිකක් බය හිතෙන දෙයක් වගේ පෙන්න තිබුනත් මාශ් හිටියෙත් ලොකු උද්යෝගයකින්. ජොන්කුක්ගේ ඩ්‍රයිවින් ගැන එයා හොඳටම පැහැදිලයි හිටියේ.
ආපු වේගෙන්ම යු ටර්න් එක ගත්ත නිසා මාශ්ව වින්ඩෝ එක දිහාවට ඇඳිලා යන එක හරිම සාමාන්‍යයි. හැබැයි ඒක එහෙම නොවුනේ ජොන්කුක්ගේ ශක්තිමත් මස්පිඩු පිරැනු අත නිසා. එයා එක අතකින් ස්ටියරින් වීල් එක අල්ලගෙන ඉද්දිම නිදහස් අතින් මාශ්ගේ අත තදින් අල්ලගත්තා. ඒ නිසාම මාශ්ව විසිවෙන එක නතර වුනා.
ඒ තත්පර ගාන ඇතුලත එයාලාගේ ඇස් මොනවදා මන්දා දෙයක් කියෙව්වත් ඒ දෙන්නම ඒ කියෙව්වේ මොනවද කියලවත් දැනන් හිටියේ නැහැ.
VOCÊ ESTÁ LENDO
GUKKIES HOT CHOCOLATE || JJK || COMPLETED
FanficBetter with Hot... Sweet like a Chocolate.... Soft like the Water.... Feels in Heaven.... SHE IS MY HOT CHOCOLATE A Jeon Jungkook Fan Fiction. Girl × Boy [Edited] Start :- 2021.12. 26. End :- 2022.12. 08.