මිරර් ටේබල් එක ඉස්සරහ හිටගෙන අතේ තිබුන බැන්ගල් එකේ ලොක් එක තද කරන ගමන් හිටපු ඕහානී ගේ මූනේ හිනාවක් ඇදුනේ ඉනවටේ එතුන උනුසුම් අත් දෙකක් නිසා....
"Gorgeous!!"
මිරර් එකෙන් ඕහානී දිහා බලලා ඕහානීගේ උරහිසට නිකට තද කරගෙන තේහයුන් කෙදිරුවා... ඕහානී කට උල් කරල හිනාවුනා... එහෙමම ඕහානීව තමන්ගේ පැත්තට හරව ගත්ත තේහයුන් ඕහානීගේ කම්මුලට හාදුවක් දීලා මූනට එබුනා....
තේහයුන් ගේ උනුසුම් හුස්ම මූනට වදින කොට ඕහානිගේ ඇස් හෙමින් අඩවන් වුනා....
"යාහ් කිම් තේහයුන් තමුන් කොහෙද ඉන්නේ!!!"
තොල් පැටලෙන්න විනාඩියක් තියලා පහලින් ඇහුන තේහයුන් ගේ පපාගේ ලවුඩ්ස් පීකර් සද්දෙට ඕහානී විතරක් නෙවෙයි තේහයුනුත් උඩ විසික්කා වෙලා ගියා....
"ආහ් ආයිෂ් මේ පපා නම්!!"
තනියම කොදුරන ගමන් අත ගසපු තේහයුන් කාමරේන් එලියට ගියේ ඕහානී හෙමින් හිනා වෙද්දි.....
********
"ලව්!!"
ඕහානී කොන්ඩේ ට කටුව ගහද්දී ආපහු ආපු තේහයුන් ආයේමත් ඕහානීව ලගට ඇදලා අරගෙන නලලට හාදුවක් තිබ්බා....."ආර්ග්හ් හෙයොන්ග්!! බේරගන්න ඌහ්... නූනාහ්!! "
ඊලගට ඇහුනේ ජන්කුක් විලාප දෙන සද්දේ....
"යාහ් කුක් උදව් කරනවා මනුස්සයෝ ආයිෂ් ආව් මේ බල්ලා යාහ් යාහ්....!!"
තව ටිකකින් ඇහුනේ ජිමින් මොර දෙන සද්දේ....
"යාහ් හජිමාහ්!!"
ඊලගට ඇහුනේ ඕහානීගේ පපාගේ කෑ ගැහිල්ල,
ඊටත් පස්සේ ඇහුනේ අංකල් ජූන් එක දිගට සමාව ගන්න සද්දේ එක්ක පොඩි ලමයි කීප දෙනෙක් එක සැරේ අඩන සද්දේ...
"ආයිෂ් එයා ආයේමත් ලමයිගේ සෙල්ලම් බඩු කඩලා වගේ....!!"
හිනාවෙන ඕහානී දිහා බලලා තේහයුන් කිව්වා.....
"හැපි ඇනිවසරි මයි ලව්!! "
පරිස්සමට ඕහානිගේ තොල් වලට හාදුවක් තියලා ඊලගට කියපු තේහයුන් ඉක්මනින් රූම් එකෙන් එලියට ඇවිදගෙන ගියා....
![](https://img.wattpad.com/cover/323377033-288-k770150.jpg)
YOU ARE READING
🦋𝕄𝕪 𝔸𝕟𝕘𝕣𝕪 𝔹𝕖𝕒𝕣(𝑲𝒊𝒎 𝑻𝒂𝒆𝒉𝒚𝒖𝒏𝒈 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Fanfiction🦋...නාහෙට නාහන හොස්ස ලගින් මැස්සෙක් ටවත් යන්න බැරි තරම් කොයි වෙලෙත් ඇවිලෙන්න බලාගෙන ඉන්න ජෝඩුවක් එකට වැඩ කරන්න වැටුනොත් මොනවා වෙයිද? කිම් තේහයුන්..... ලෝකේම දන්න ප්රසිද්ධ අයිඩල් කෙනෙක්...ආඩම්බර කේන්ති කාරයෙක්....කොටින්ම තමන් තරම් කෙනෙක් නෑ කියලා...