ලන්ච් එකෙන් පස්සේ වැඩි වෙලාවක් නොඉදම තේහයුන් පිටවෙලා යන හැටි ජිකුක් ජෝඩුව කටවල් ඇදකරගෙන සද්ද නැතුව බලාගෙන හිටියා.... බෙක්හයුන් එයාගේ බොක්සර් එක ගත්තේ නෑ කියලා දිව්රලා කිව්වට පස්සේ තේහයුන් ආපහු ඒ ගැන මොකුත් ඇහුවේ නෑ වගේම.... එතනින් පස්සේ එයා වැඩිය කථා කලේත් නෑ... ඒත් එයාගේ ඇස් සැරෙන් සැරේට අවිශ්වාසෙන් බෙක්හයුන් ලග කීප වතාවක් නැවතෙනවා දැකපූ ජිකුක් ජෝඩුව පුටුව උඩ එහා මෙහා ඇබරිලා නිකා හිටියා ....
"හාහ් බලනවා ජිමිනී මේ හානී නූනා ගේ වැඩ "
තේහයුන් ගේ වාහනේ යන දිහා බලාගෙන කියපු ජන්කුක් කට ඇද කරගෙන පුටුවක් ඇදලා වාඩි වුනා....
"නූනා ඒක ගෙනාවේ තමුන් කියපු නිසා කුකී!!"
ජන්කුක් දිහා බලලා ජිමින් කිව්වා...
"යාහ් මං එයාට කිව්වද තේහයුන් ගේ බොක්සර් එක උස්සගෙන එන්න කියලා, ඒකත් එයා කැමති ම එක!!"
ජන්කුක් කෑ ගැහුවා!! එයාට ඇත්තටම අද තේහයුන් ගැන දුක හිතුනා.... කොච්චර දග වැඩ කලත් ජන්කුක් ගේ හිත ගොඩක් අහිංසකයි..... එයා කැමති නෑ කවුරුත් ම දුකින් ඉන්නවට.... ඉතින් එයාට අද තේරුනා තේහයුන් එයාගේ මාම් එයා ලග නැති එකට දුකින් ඉන්නේ කියලා.... අනික එයාට මාම් ගෙන් gift ලැබෙන්නේ අවුරුද්දකට එක වතාවයි ලූ!!! හව් සෑඩ්!!! ජන්කුකීගේ මමා එයාට ලැබෙන හැම අවස්ථාවකම ජන්කුක් ට gift දෙනවා.... පුංචි පුංචි අවස්ථා වලදී පවා!!!
ජන්කුක් ට හිතාගන්න බෑ මමා නැතුව තේහයුන් පුංචි කාලේ කොහොමද හිටියේ කියලවත්... හොදයි හානී නූනාටත් එයාගේ මාම් නෑ තමයි.... ඒත් ආන්ටි වූනී එයාට එයාගේ මාම් තරමටම ආදරෙයි කියලා ජන්කුක් දන්නවා.... ඒ වගේම ජිමිනිට පපා නැති වුනත් අංකල් යූන්ගි ජිමිනිට කවදාවත් ඒ අඩුව දැනෙන්න දුන් නෑ කියලා ජන්කුක් දන්නවා... ඒ නිසාමයි ජිමින් වෙලාවකට අංකල් යුන්ගිට පපා කියලා කථා කරන්නෙත්....
ජිමින් ජන්කුක් ට කියලා තියනවා එයා එයාගේ නූනා එක්ක එයාගේ මමාව ෂෙයා කරගත්තා කියලා වගේම, නූනා එයාගේ පපාව ජිමිනි එක්ක ෂෙයා කරගත්තා කියලා..... ඒ නිසාම ජිමින්ගෙයි හානී නූනාගෙයි අතරේ තියන්නේ ගොඩක් හයිය සහෝදර බැදීමක් කියලත් ජන්කුක් දන්නවා....ඒත් ඉතින් එහෙමයි කියලා ජිමින් කියන විදියට හානි නූනා තේහයුන් ගේ බොක්සර් එක උස්සගෙන ආපු එක නිකන් අතෑරලා දාන්න බෑනේ හූම්!!!!

YOU ARE READING
🦋𝕄𝕪 𝔸𝕟𝕘𝕣𝕪 𝔹𝕖𝕒𝕣(𝑲𝒊𝒎 𝑻𝒂𝒆𝒉𝒚𝒖𝒏𝒈 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Fanfiction🦋...නාහෙට නාහන හොස්ස ලගින් මැස්සෙක් ටවත් යන්න බැරි තරම් කොයි වෙලෙත් ඇවිලෙන්න බලාගෙන ඉන්න ජෝඩුවක් එකට වැඩ කරන්න වැටුනොත් මොනවා වෙයිද? කිම් තේහයුන්..... ලෝකේම දන්න ප්රසිද්ධ අයිඩල් කෙනෙක්...ආඩම්බර කේන්ති කාරයෙක්....කොටින්ම තමන් තරම් කෙනෙක් නෑ කියලා...