Chapter 4

36 5 0
                                    

ජිමින්ට ටිකක් වෙලා ගියා සුගා කියුව්ව දේ තේරුම් ගන්න. බලන් ඉද්දි ජිමින්ව රතු උනා. ජිමින්ව දකින ඕනම කෙනෙක් හිතන්නෙ එයා රතු ඇපල් ගෙඩියක් කියල. ජිමින් ඒ තරමටම රතු වෙලා.

"ඒ කියන්නෙ.......... සුගා හියුන්ග් මට කැමතිද? නැත්තං එයා එහෙම දෙයක් කියන්නෙ නෑනෙ."

මෙහෙන් ජිමින් කල්පනා ලෝකෙක ගිලිල ඉන්න කොට අරහෙන් සුගා මැරෙන්න හදනව.

"අයියෝ, මං ඒ මොකද්ද කලේ. මං දැන් කොහොමද එයාට මූන දෙන්නෙ. අයියෝ, මොන මගුලක්ද අප්ප."
සුගා තමන්ගෙ කොන්ඩෙ ඇදගන්නගමන් කෑගැහුව. (හොඳ වෙලාවට කාමරේ සවුන්ඩ් ප්රූෆ්.)

At Jungkook's room

ජිමින් හිටියෙ කල්පනා ලෝකෙක ගිලිල. ඒ හින්ද එයා වටපිටාවෙ වෙන කිසිම දෙයක් දන්නෙ නෑ.

"ජිමින්.... ජිමින්.... ඒයි ජිමින්..."
ජන්කුක් ජිමින්ව අත් දෙකෙන්ම හොල්ලනගමන් කෑගැහුව.

"ආ..... ජන්කුක්..... මම...."
ජිමින් ජන්කුක්ව බදා ගත්ත.

"ඒයි මොකද උනේ? ඔයා ඔය අඩනවද?"
ජන්කුක් ජිමින්ගෙ මූන තමන්ගෙ අත්දෙකට අරගත්ත.

"නෑ..... ජන්කුක් ඔයාට උදව්වක් කරන්න පුලුවන්ද?"
ජිමින් ජන්කුක්ගෙන් ඈත්වෙන ගමන් ඇහුව.

"මගෙ යාලුව වෙනුවෙන් ඕනම දෙයක්."

"මේකයි ඔයාට පුලුවන්ද සුගා හියුන්ග් මට කැමතිද කියල එයාගෙන් හරියටම දැනගෙන කියන්න?"
ජිමින් ජන්කුක්ගෙ අතකුත් අල්ලගෙන කිවුව.

"ආයෙත් ඉතින් එයාගෙන් අහන්න දෙයක් නෑ, මං කාමරේට එද්දිම දැක්කනෙ."
ජන්කුක් රතු වෙලා ඉන්න ජිමින්ව තවත් රතු කරන ගමන් කිව්ව.

"යා..... ඔයාට ඒ පන්ඩිතකම් වලින් වැඩක් නෑනෙ. මං කිව්ව දේ කරල දෙනවකො."

"අම්බෝ...... හරි හරි මං කරල දෙන්නම්."
ජන්කුක් ජිමින්ගෙ කරට අත දාගන්න ගමන් කිව්ව.

"අන්න එහෙම වරෙන්."

After few hours

ජිමින් ජන්කුක්ගෙ ගෙදරින් ගිහිල්ල දැන් පැයකටත් වැඩි ඒත් තාම සුගා එයාගෙ කාමරෙන් එලියට ආවෙ නෑ.

"කෝ ජන්කුක් සුගා? ඇයි එයා තාම එලියට ආවෙ නැත්තෙ?"
ජින් කෑම මේසෙ පිලියෙල කරන ගමන් ජන්කුක්ගෙන් ඇහුව.

MY GHOST LOVER Where stories live. Discover now