8 මාව යවන්නෙපා

50 17 1
                                    

My Little 🐰 8
Chapter 8

ශාන්ට යීබෝගෙ කතාව නොතේරුණත් 'ආසයි' යන වචනය ශාන්ට ප්‍රමාණවත් විය.

"එන්න මැණික....... දොයියමු....... ඔයාට ඇහැරගෙන ඔහොම අඬන්න හොඳ නෑ.......... මගේ පැටියා ලෙඩ වෙයි......... ගගා කැමති නෑ මගේ රත්තරං ලෙඩ වෙනවට........ ම්....... ගගා අද පැටියා ළඟ ම ඉන්නවා........ හොඳේ.......?"

කියමින් යීබෝ ශාන් ව ඇඳේ හාන්සි කර තමාද ඒ අසලින් ම ඇඳේ ඇල වුණේ ය. ශාන් හෙමි හෙමින් යීබෝගේ පපුවට ආවේ ය. මද වේලාවකින් ඔහු යීබෝගේ පපුව මත හරි බරි ගැසී දෑස් පියා ගත්තේ ය. තවමත් සිහින් ඉකියක් ඔහුගේ මුවින් පිට වේ.

ටික වේලාවකට පසු රටාවකට වැටෙන දිගු හුස්ම නිසා ඔහුට නින්ද ගොස් ඇති බව යීබෝ සිතුවේ ය. ඉතිං ඔහු ශාන් ව ඇඳ මතින් තබා නැගිට යාමට සූදානම් විය.

"ම්...........හ්.........  ගගා........... ග.....ගා............හ්..........ම්............හ්........."

කෙඳිරි ගාමින් ම ශාන් නැවතත් යීබෝගේ පපුව අස්සට ගුලි වී ඇඟ මතින් අතකුත් කකුළකුත් දමා යීබෝ ව තදින් වෙලා ගත්තේ ය. ඉතිං නැගිට යාමේ අදහස අත්හළ යීබෝ එතැන ම දෑස් පියා ගත්තේ ය.

වැස්ස තව තවත් තද විය. විටින් විට අකුණු ද ගැසුවේ ය. යීබෝ නිදා ගත්තේ දෙදෙනා ම වැසෙන්නට කුරුලු පිහාටු පොරෝනය හොඳින් සකස් කිරීමෙන් අනතුරුවයි.

දෙදෙනා දෙදෙනාගේ උණුසුමේ සුව නින්දකට වැටී සිටියේ ය.

එකවර ම වැටුණු විදුලි එළියෙන් කාමරය ම ආලෝකමත් විය. ඒ ආලෝකයත් සමග යීබෝට ඇහැරුණි. ඉන් තත්පරයකට පසු පළාත ම දෙදරවමින් කෙටූ අකුණින් ශාන්ගේ මුළු සිරුර ම ගැස්සී යනු යීබෝට දැනුණි.

"ම්........හ්.......... ම්............ මමා......... ම.......මා.......... ම්........හ්........... ම...මා.....හ්........."

ශාන් කෙඳිරිගාමින්  තව තවත් යීබෝට තුරුළු විය. මාස දෙකක කාලයට ම ශාන් මව අමතමින් නින්දෙන් කතා කළ ප්‍රථම වතාව ⁣මෙය විය. යීබෝට සිතුණේ දහවල් සිදුවීමේ කම්පනයෙන් ඔහු තම මව පිළිබඳ දවල් දවස ම සිහිපත් කරන්නට ඇත කියායි. යීබෝ නිවැරදි ව ම ශාන් ව තේරුම් ගෙන ඇත.

"දොයියන්න මගෙ පැටියා.......... හරි........"

යීබෝ හෙමින් ශාන්ගේ පිටුපසට තට්ටු කරන්නට විය.

MY LITTLEDonde viven las historias. Descúbrelo ahora