🎄🎄

69 11 70
                                    

Someone's pov

හරේ.... මේ රතු පාට බෝලේ මෙතනට හොදයි.....
වොලාහ්.... ගහ සරසලා ඉවරයි.... දැන් තියෙන්නේ අනික් ටික ඩෙකරේට් කරන්න....කෝ මේ මනුස්සයා??🤔 හොයා ගන්නත් නෑ.... ආහ් මේ ඉන්නේ අම්මපා මං මෙතන පන දාගෙන ඩෙකරේට් කරනවා මේ යකා මෙතන්ට වෙලා නිදි😒
*
*
ආහ් මගේ නම රිකි.... මට වයස අවුරුදු දහඅටයි...හිතුවේ මම කොල්ලෙක් කියලා නේද🙂 ඇත්තම කිව්වොත් මං කෙල්ලෙක්🙂ඔය වගේ දේවල් මට ගොඩක් වෙනවා... මොකද මගේ නම වගේම මං ඉන්නෙත් නිකන් කොල්ලෙක් වගේ නිසා🌝...අපි ජීවත් වෙන්නේ සෝල් වල චූටි ගේක... අපි කිව්වේ මගේ හොදම යාළුවා.... එයාගෙ නම ලූනා... එයත් මගේ වයසමයි....වැඩේ කියන්න ඒ යකාගෙ වැඩේ නිදියන එකමයි.... දැනුත් ඕකම තමා ඔය කරන්නේ....

මේ ක්‍රිස්මස් සීසන් එක නිසා අපි ගොඩක් බිසී..ගෙදර ඩෙකරේට් කරන වැඩ වලින් පිරිලා.... අපි ළමා නිවාසේ ඉන්නකොටත් අපිට ක්‍රිස්මස් සීසන් එකට ඔය වගේ බිසී වෙන්න වෙනවා....

ම්ම්.... ඔව් අපි හිටියේ ළමා නිවාසෙක....මට අවුරුදු නවයෙදිලු මගේ ඔම්මයි අප්පයි කාර් ඇක්සිඩන්ට් එහෙකින් නැති වෙලා තියෙන්නේ.....ඇත්තම කිව්වොත් මං ඒ ගැන හරියට දන්නෙ නෑ...අපේ සිස්ටර් කිව්වේ මාත් ඒගොල්ලො එක්ක ඇක්සිඩන්ට් එක වෙන වෙලාවෙ හිටියා කියලා... ඉතින් ඒ ඇක්සිඩන්ට් එක නිසා මගේ මෙමරි එක ලොස් වෙලාලු... ඉතින් එදයින් පස්සේ මගේ පවුල වුනේ මගේ ළමා නිවාසේ... මගේ සහෝදරිය වගේ මගේ ළගින්ම හිටියේ ලූනා.... එතකොට මගේ ඔම්ම වගේ හිටියේ අපේ සිස්ටර්...

අපිට අවුරුදු දහඅට ලබපු නිසා අපිට ඕන දෙයක් ඒගොල්ලන්ගෙන් ඉල්ලන්න අපිට චාන්ස් එකක් ලැබුනා... ඉතින් මායි ලූනායි ඉල්ලුවේ අපිට අපේම කියලා චූටි ගෙයක්.... ඉතින් අපිට අපේ සිස්ටර්ගේ උදව්වත් එක්ක අපිට චූටි ගෙයක් ලැබුනා... අපි ළමා නිවාසේ හිටියේ නැති වුනාට අපේ ළමා නිවාසේ අපිව අමතක කලේ නෑ.....ඒගොල්ලෝ තාමත් අපිට උදව් කරනවා...

Luna- අඩෝහ්....

Riki- යකෝ.... මොකද ගෑනියේ ඔහොම කෑ ගහන්නේ🙂 මට තව පොඩ්ඩෙන් හාර්ට් ඇටෑක් එකක් එනවා... මොකද වෙලා තියෙන්නේ.... නරක හීනයක්වත් දැක්කද තෝ??

Luna- නරක හීනයක් නෙමෙයි බං....

Riki- එහෙනම්??

Luna- අපි රෑට කන්නෙ මොනාද??

The grinch twin || christmas special || One ShotWhere stories live. Discover now