Episode 14

671 114 5
                                    


ප්‍රොෆෙසර්ගෙ ඔෆිස් රූම් එක ඇතුළට වෙලා හිටගෙන ඉද්දි ජන්කුක්ට නම් දැනුණෙ නිකන් එයාගෙ හුස්ම හිරවෙනවා වගේ හැඟීමක්. බිත්තියේ එල්ලලා තිබ්බ ඔරලෝසුව දිහා දැන් කී පාරක් බැලුවද කියලා ජන්කුක්ටවත් මතක නෑ. සොක්ජින්ට කෝල් කරලා ප්‍රොෆෙසර් එන්න කිව්ව වෙලාවෙ ඉදන් ජන්කුක් මඟ බලාගෙන හිටපු එකයි කළේ. මේ විදිහට විනාඩි තිහක් විතර බලාගෙන ඉද්දී අන්තිමට ප්‍රොෆෙසර්ගෙ ඔෆිස් රූම් එකේ දොරට තට්ටු කරන හඬට ජන්කුක් දෑස් දල්වාගෙන ඒ පැත්ත බැලුවේ සොක්ජින්ව බලාපොරොත්තුවෙනුයි.

" ඇතුළට එන්න..."

ප්‍රොෆෙසර් එහෙම කියනවාත් එක්කම දොර ඇරගෙන ඇතුළට ආපු ටේහ්‍යුන් දිහා ජන්කුක් බැලුවෙ ඇස් දෙකත් ලොකු කරගෙන. හැබැයි ජන්කුක් විතරක් නෙමෙයි ජන්කුක්ගෙ භාරකාරයා විදිහට කඩවසම් තරුණ කොල්ලෙක් ආවම මොහොතකට ප්‍රොෆෙසර්ත් පුදුම වුණා.

" ඔයාද ජන්කුක්ගෙ භාරකාරයා."

" ඇත්තටම ජන්කුක්ගෙ භාරකාරයා නම් මම නෙමෙයි සර්.... කිම් සොක්ජින් කියන්නෙ මගෙ හියුන්. එයාට හදිස්සියෙම හොස්පිටල් එකේ වැඩක් වැටුණ නිසා එයා වෙනුවටයි මන් ආවෙ. මන් කිම් ටේහ්‍යුන්."

" හරි ටේහ්‍යුන්ශි මෙතනින් ඇවිත් වාඩිවෙන්නකො."

ප්‍රොෆෙසර් එයාගෙ ඉස්සරහා තිබ්බ පුටුව පෙන්නනවත් එක්කම ටේහ්‍යුන් පැත්තකට වෙලා හිටගෙන හිටිය ජන්කුක්ගෙ පිටටත් තට්ටුවක් දාගෙන ඇවිත් ප්‍රොෆෙසර්ගෙ ඉස්සරහින් වාඩි වුණා.

" ඇත්තටම ටේහ්‍යුන්ශි අකමැත්තෙන් වුණත් මට කියන්න වෙනවා ජන්කුක්ගෙ හැසිරීම නම් අන්තිමයි. අද එයා හැමෝම ඉස්සරහා ලෙක්චර් හෝල් එකක් මැද ළමයි තුන් දෙනෙක්ටම ගැහුවා. ළමයෙක්ගෙ මේ වගේ හැසිරීමක් මට කීයටවත් අනුමත කරන්න බෑ."

කියපු දේවල් ඇහෙනවත් එක්කම ටේහ්‍යුන් පුදුම වෙලා ජන්කුක් දිහා බැලුවෙ කිව්ව දේවල් විශ්වාස කර ගන්න බැරුව. මොකද අහිංසක හුරතල් කොල්ලෙක් විදිහට එයාලා එක්ක ඉන්න ජන්කුක් එක්කෙනෙක්ට නෙමෙයි තුන් දෙනෙක්ටම ගැහුවා කිව්වම ටේහ්‍යුන් කොහොම විශ්වාස කරන්නද. හැබැයි අසරණ ජන්කුක් නම් කළේ ටේහ්‍යුන්ට මූණ දෙන්න බැරි කමට බිම බලාගත්තු එක.

I Need You ( JM sinhala Ff )Where stories live. Discover now