Episode 55

713 112 37
                                    



ජන්කුක්ගෙ ජීවිතේ තීරණාත්මක පැය විසි හතර කෙමෙක් ගෙවී ගෙන ගියත් කවුරුවත් අන්තිම මොහොත වෙනකන්ම බලාපොරොත්තු අතාරින්න සූදානම් වුණේ නෑ.  ඉතින් කොයි මොහොතක හෝ ජන්කුක්ට සිහිය ඒවී කියන අදහසින් ජිමින්නුයි යේජිනුයි හොස්පිටල් එකේම නවතිද්දී ඒ කාලය තුළ පාර්ක් ගෲප් එකේ වගකීම හෝසොක් අතට ගත්තේ ජීවෝන්ව සදහටම හිරේ යැවීමේ වගකීම යුන්ගි අතට ගනිද්දියි.

යුන්ගි පොලිස්සියෙත් උදව් ඇතිව අත්තඩංගුවට පත් ජීවෝන්ගෙ පෙර වැරදි සේරම අවුස්සන අතරේ පාර්ක් ගෲප්හි චෙයාර්මන්ව කිඩ් නැප් කිරීම කොරියාව පුරා ප්‍රචලිත උණුසුම් පුවතක් වුණා. වේගයෙන් පැතිරුණු ඒ උණුසුම් පුවතේ ප්‍රතිඵලයක් විදිහට ජියෝන් ජන්කුක් කියන්නෙ පාර්ක් ජිමින්ගෙ සහෝදරයා බව ලෝකෙටම හෙළි වෙද්දී තමන්ගෙ කුක් වෙඩි වැදිලා හොස්පිටල් එහෙක ඇඳක් උඩ පණ අඳින බව සූයාගෙන් හංඟන්න පුලුවන් වුණෙත් නෑ.

ගත වෙන තත්පරයක් ගානේ ජිමින් මුළු හිතෙන්ම පැතුවෙ එකම එක දෙයයි.... එයාගෙ පුංචි මල්ලිගෙ ජීවිතය.... ඉස්සර වගේ පිස්සු නටලා හිනාවෙලා ජිමින් ළඟ හුරතල් වෙන ජන්කුකී දැන් ජිමින්ගෙ ජීවිතේ කොටසක් වෙලා ඉවරයි. සමහරවිට ජීවෝන් වගේ සහෝදරයෙක් එක්ක ජීවත් වුණු ජිමින් එයාගෙ අහිංසක චූටි මල්ලිට ඕනවට වඩා ඇබ්බැහි වෙන්නැති. හැබැයි ඔය මොන හේතුවට ළං වුණත් ජන්කුක් නැති ජීවිතයක් ගැන හිතන්නවත් ජිමින්ට බැරි වුණා.

"මට සමාවෙන්න ජන්කුකා. මන් නිසයි මේ හැමදෙයක්ම. හොඳට තිබ්බ ඔයාගෙ ජීවිතේ ප්‍රශ්න ගොඩකට ඇදලා දැම්මෙ මන්. ජීවෝන් ඔයාව මරන්න හදද්දිත් මට මුකුත් කරගන්න බැරි වුණා. මට සමාවෙන්න ජන්කුක්.... හියුන්ට මේ පාරට විතරක් සමාව දෙන්න. ආයෙ මන් ඔයාට මුකුත් වෙන්න දෙන්නෙ නෑ. මාව විශ්වාස කරන්න. තවත් ඔහොම ඉන්න එපා ජන්කුකා.... හියුන්ට බලාගෙන ඉන්න දෙන්න එපා. ප්ලීස්.... දැන්වත් නැඟිටින්න...."

කැනියුලා එකක් හයි කරලා තිබුණු ජන්කුක්ගෙ අත අල්ලගෙන ජිමින් එයාගෙ වේදනාව වචන වලට පෙරළුවත් ඒ වචන සිහිසුන්ව ඉන්න ජන්කුක්ට ඇහෙයිද.... ජිමින්වත් ඒක දැනගෙන හිටියෙ නෑ. ඒත් ජන්කුක්ගෙ ලොකු අතක් තමන්ගෙ අත්දෙකෙන්ම අල්ලගෙන ජිමින් කළේ ඔහේ කියවපු එක. ඔව්... ජන්කුක්ගෙ අත් ජිමින්ගෙ කොට ඇඟිලි තියෙන චූටි අත් වලට වඩා ලොකුයි. හැබැයි අවුරුදු විස්සකුත් සම්පූර්ණ ජන්කුකීව ජිමින්ට තාමත් පොඩි එකෙක්.

I Need You ( JM sinhala Ff )Where stories live. Discover now