"අඬන්න ටේටේ! ඔයාට ඇති වෙනකන් අඬන්න.ඔයාගෙ හිතේ තියෙන වේදනාව නැති වෙලා යනකන්ම අඬන්න.මම ඔයා ළඟින්ම ඉන්නව හරිද....හැබැයි ඔයාට අඬන්න පුලුවනුත් අද විතරයි.අදින් පස්සෙ ඔයාගෙ ඇස්වලින් ජන්කුක් වෙනුවෙන් එක කදුලක්වත් වැටෙන්න බෑ.තේරුනාද ටේටේ!!"
ජිමින් ටේ දෙන්නම හිටියේ ටේගෙ ගෙදර ටේගෙ රූම් එකේ.ටේ ජිමින්ට බීච් එකේදි ජන්කුක් එයා අතර වෙච්ච හැම දේම කිව්ව.එයාට ජන්කුක් කිව්ව හැමදේම එයා ජිමින්ට කිව්ව.ඒ කියන අතරෙත් ටේටේ ගොඩක්ම කරේ ජිමින්ව බදාගෙන අඬපු එක.පැය දෙකක් තුනක් විතරම එක දිගට අඬපු ටේටේට අවසානේ ජිමින්ගෙ උරහිසේම නින්ද ගියා.තමන්ට තුරුල් වෙලා නින්ද ගිහින් ඉන්න ටේටේ දිහා ජිමින් බලන් හිටියේ ආදරේ පිරුන දිලිසෙන ඇස් වලින්.මේ වෙලාවෙ ජිමින්ගෙ ඇස් දකින ඕනම කෙනෙක්ට එයා ටේටේට කොයිතරම්නන් ආදරේ කරනවද කියල දකින්න පුළුවන්කම තිබුන.
"ඒක ලොකු වේදනාවක් ටේ.මං දන්නව.මොකද මමත් ඒ වේදනාව විදල තියෙනව.තියෙනව නෙවේ...තාමත් විදිනව 🙂..ඔයා අඬන දිහා බලන් ඉන්න මට බෑ මැණික.මං කොහොමද ඔයාව සනසන්න ඕන මගේ ටේ.මං කොහොමද ඔයාගෙ හිතේ තියෙන ඒ මහ ලොකු වේදනාව නැති කරන්න ඕනෙ?මට තේරෙන්නෙ නෑ ටේ.....අඩු තරමෙ මට තාම මගේ වේදනාවවත් නැති කරගන්න බැරිවුනා.ඉතින්....ඉතින් මං කොහොමද ඔයාගෙ වේදනාව නැති කරන්නෙ 💔"
YOU ARE READING
ᴛʜᴇ 🅿🅰🅸🅽🆃🅸🅽🅶 ║ Taekook ❘ vmin (Completed 🙃)
Fanficනිස්සාර සංසාර හීනේ අතීතේ ඔබ ඉන්නවා දැනෙනවා..... කවදාක හමුවෙන්න දැකගන්න වේදො තුන්යාමෙ මං අහනවා......