නිදා ගන්න ඇදට ආවත් මගෙ කන් වල දෝංකාර දිදී ඇහුනෙ JK මගෙ ලගට ඇවිත් කියපු අසමත්ජාතී කතාව
"අහ් ගෙබි කටුස්සා ඒකා මොකෙක් කියලද දන්නෙ නෑ හිතාගෙන ඉන්නෙ. ශික් වැටෙනකම් කිස් කරනවා කියලා කියපු කැත. හිටපන්කො මගේ වැඩේ කර ගත්තට පස්සෙ මං දෙන්නම් හොද ගේමක් "
JKට හිතින් බැන බැන ඉද්දි මට මැවි මැවී පෙනුනා.එයා මං දිහා මහ අමුතු තාලෙ බැල්මක් දාගෙන බැල්කනි එකට වෙලා බලාගෙන හිටපු හැටි.සත්තයි ඒ බැල්ම මතක් වෙද්දිත් මගෙ ඇගේ හිරිගඩු පිපුනා
"අහ්..මොනවා නැතත් දෙයියො කිසිම දෙයක් අඩු නැතුව ඒ ගෙබි කටුස්සව මවලා තියෙනවා
ඇයි දෙයියනේ දෙවියො අපි වගේ ගෑනු ළමයින්ගෙ හිත් එක්ක සෙල්ලම් කරන්නෙ""නාරා...නාරා... ඇත්ත කියපන් උගෙ ඒ මනමාල බැල්මට් එකට උබ තව පොඩ්ඩෙන් වැටෙනවා නේද "
යටි හිත මහ පිස්සු විකාර කියවද්දි මං ඇස් තද කරලා පියාගෙන හිතේ ඇඳිලා තිබුන JKගෙ ඒ මනමාල බැල්ම හිතින් අතුගාලා දාලා බලෙන්ම නින්ද ආරූඪ කර ගත්තා
.................................................................
"නාරා නැගිටපන්..."
"නාරා.....කෝ..නැගිටපන්..."
ගායුන්ගෙයි යෙරින්ගෙයි ටින් බෙලෙක් වොයිස් එක කන ළඟ මාරුවෙන් මාරුවට ඇහෙද්දි මං තව ටිකක් බෙඩ්ශීට් එක ඔලුවෙ ඉදන් පොරව ගත්තා
"නාරා...උ බ තව ටිකක් ඔලුවෙ ඉදන් පොරව ගනින් ඊට පස්සෙ අනිද්දට ජීහූන් අයියා ආවම උගෙ හොර අඹුව වෙලා ඔය බෙඩ්ශීට් එක බාල්කෙ ගැට ගහලා බෙල්ලට තොන්ඩුවක් දා ගනින් ඕකේ"
"අපි යමු දාහියා...."
නින්දත් නොනින්දත් අතර හිටපු මට යෙරින් කියපු වචනයක් වචනයක් ගානෙ රූප රාමු මැවෙන්න ගත්තා.යෙරින් කිව්වා වගේ අර බූරූ ජීහූවා මාව හපයක් කරලා පැත්තකට දාලා යනවා පෙනෙද්දි මං කෑ ගහගෙන ඇදෙන් පැන්නා
"අහ්...ඔය නැගිට්ටෙ අපූරුවට ..."
මං ඉන්න විදියට තුන් දෙනත් එක්ක හිනා වෙද්දි මට හිතුනා තුන් දෙනාවම බාල්කෙ එල්ලන්න ....
"අම්බෝ ආයෙ නම් විහිළුවට වත් අර ජීහූවා ගෙ නම කියන්න එහෙම එපා මං නිදාගෙන ඉද්දි "