Chapter 4

32 11 2
                                    

විශ්වාස කරන්න ඒ හිටියෙ වෙන කවුරුත් නෙමෙයි මං මෙච්චර වෙලාවක් එනකම් බලාගෙන හිටපු JK

එයා සන්ග්ලාස් ගලවලා මං දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා.සත්තයි ඒ බැල්මට මාව නිකම්ම ගොලු වෙනවා. හිත ඇතුලෙන් කතා කරපන් කතා කරපන් කියලා වද කරත් මගෙ වචන එලියට එන්නෙ නැතුව හැංගෙනවා

කොහොම හරි ඉතින් ඒ විදියට මං කතා නොකර ගල් වෙලා වගේ බලාගෙන ඉද්දි JK කාර් එක රේස් කරගෙන පාරට දැම්මා. අන්න ඒ වෙලාවෙ තමයි මං මේ ලෝකෙට සම්ප්‍රාප්ත උනේ

ඕ...ඕ......ඕ...ශිට්....

ඉවරයි නාරා උබ ඉවරයි ....

JKගෙ ෆෙරාරි එක පාරේ ඈතට යද්දි මං මටම බැන බැන ස්කූටිය ස්ටාර්ට් කරා.මං දන්නවා මගේ මේ පොඩි බයික් එකට JKගෙ ෆෙරාරි එක අල්ල ගන්න බැරි බව ඒත් මං දෙවියන්ගෙන් ඉල්ලුවා එකම එක පාරක් මට JK එක්ක කතා කරන්න ලැබෙන්න කියලා

ඉතින් මං පුළුවන් උපරිම වේගෙන් JK ගිය පැත්තට යද්දි මං දැක්කා JKගෙ රෙඩ් කලර් ෆෙරාරි එක දිලිසි දිලිසි කලර් ලයිට්ස් ළඟ නතර කරලා තියෙනවා

ඕ තෑන්ක්ස් ගෝඩ් ඔයා එහෙනම් මං කියන දේ අහලා

ජන්ග්කුක්.....ජන්ග්කුක්.....

JKගෙ කාර් එක ළඟ ඉදන් මං කෑ ගහද්දි එයා මිරර් එක පාත් කලා

ජන්ග්කුක් මට විනාඩි දහයක් කතා කරන්න ඕන

හැමෝම JK කියද්දි මං ජන්ග්කුක් කියපු නිසාද මන්දා මෑන් මං දිහා අමුතු තාලෙට බැලුවා

මං තමුන්ව දන්නෙ නෑ

අහ්...මෙන්න බලාපල්ලකො...ඊයෙ අච්චර කතාවක් කියලා මේ යකාට අද මාව මතක නෑලු.අම්මා පල්ලා මේ වෙලාවට තමයි හිතෙන්නෙ තඩි ගල් ගෙඩියක් අරගෙන මේකාගෙ මතකෙ සදහටම නැති වෙනකම් දෙන්න

අහ්..ඇයි අනේ බොරු කියන්නෙ.ඇයි මතක නැද්ද තමුන් මට කිව්වෙ මාව වැටෙනකම්ම කිස් කරනවා කියලා

මාව මතක් කරවන්න පුළුවන් ලේසිම සිදුවීම මෑන්ට කියද්දි මෑන් හැදුවෙ ග්ලාස් වහන්න

ඒයි මෝඩ JK...විනාඩි දහයක් බැරිනම් විනාඩි පහක් දෙනවා

මං ඒ කිව්වත් ඒ යකා ග්ලාස් එක තව ටිකක් උඩට කලා

You've reached the end of published parts.

⏰ Last updated: Feb 03, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

No Promises //JJK//FFWhere stories live. Discover now