කතාව මතකද දන්නෑ🥲
• නැම්ජුන්ව හිරේ දාලා ඉන්නේ අශ්ව හොරකමට සැක නිසා.
•හෝසොක් තුවාල වෙලා සිහිය නැතිව ඉන්නේ.
•ජීකුක් දෙන්න එකතු වෙලා මාක්ගේ අනික් ගොවිපලට යන ගමන් ඉන්නේ ඇත්ත හොයාගන්න.
_________________^_^_____________________
නවාතැන්ගෙන සිටින හෝටලය කරා ආපසු ගිය ජිමින් සහ ජන්කුක් ඊළගට සූදානම් වූයේ මාක් ලුඩ්වින්ට අයත් අනෙක් පුද්ගලික සත්ව ගොවිපොළ බැලීමට යාමටය.
මුහුණ කට සෝදාගෙන වෙනත් ඇඳුමකින් සැරසුණු ජිමින්, ජන්කුක් ද සමග කාර් එකට ගොඩ වී මාක්ගේ අනික් සත්ව ගොවිපොළ බලා පිටත් වුවේය. ජින්ගෙන් අසා දැනගත් මාර්ග විස්තරය අනුව පැයකින් පමණ එම ගොවිපළ අසලට ළඟාවීමට ඔවුන්ට හැකි විය.
(ජින් එතන නෑ කියල හිතාගන්න 🙂)
වංගු සහිත මාර්ගයක් අද්දර පිහිටි එම සත්ව ගොවිපළට අයත් විශාල තණබිම මුලින්ම ඔවුන්ට දක්නට ලැබිණ. වෙළඹුන් විසිදෙනෙක් පමණ එහි තැනින් තැන තණ උලා කමින් සිටියහ.
ගොවිපොළහි ශක්තිමත් යකඩ ගේට්ටුවට තරමක් ඔබ්බෙන් නවීන පන්නයේ ගබඩාවක් පෙනෙන්නට තිබිණ. ගස් ගොන්නකින් වටව තිබූ මඩුවක් වැනි එම ගබඩාව ඉදිරිපිට මිදුලෙහි එකම වාහනයක්වත් පෙනෙන්නට නොතිබිණ.
YOU ARE READING
අශ්ව ගොවිපොළහි අබිරහස (Jikook)
Fanfictionවාහනයට සම්බන්ධ ටේලරයේ පිටුපස දොර බාගෙට විවර වී තිබිණ. එය මදක් ඈත් මෑත් කළ ජිමින් ඇතුළට හිස පොවා බැලුවේය. එහි ඇතුළත අලුත් පිදුරු අතුරා තිබිණ. ජිමින් එම පිදුරු ගොඩ මදක් ඇවිස්සුවේය. එක් වරම දුටු දෙයින් ඔහුගේ උගුර කට වේලීලා ගත පුරා දහඩිය වැගිරෙන්නට විය...