"හොඳ වෙලාවට අනික් අශ්වයෝ ටික කිසිම කරදරයක් නැතිව බේරිලා... දැන් ඔය ගැන තවත් කතා කරමින් මෙතැන ඉඳලා හරි යන්නේ නැහැ.මම දැන් යන්න ඕන. මට හෙට උදේ තරගයට සූදානම් වෙන්න තියෙනවා..."
ජින් දෙස බැලූ නැම්ජුන් සැහැල්ලු ස්වරයෙන් කීවේය.
ඔහුට ගොස් විවේකිව නිදා ගන්නා ලෙස පැවසූ ජින් හියුන් තමා ජිමින්ලා සමග තරමක් වෙලා මෙහි නතර වෙන බව කීවේය. ඔහුටද තමා සමග යාමට එන ලෙස නැම්ජුන් බල කළද ජින් හියුන් තම තීරණය වෙනස් නොකළේය. අවසානයේ දී නැම්ජුන් පමණක් තනිවම එතැනින් පිටව ගියේය.
ඔහු නික්ම ගිය පසු ජින් ඇමතු ජිමින් සාදය අවසන් වු පසු මෙතෙක් වෙලා ගියේ කොහේදැයි විමසුවේය.
" එයා සාදයෙන් පිටවෙලා ගියේ යුන්ගි එක්ක කතාවක් ඇති කර ගෙන තරහින්නේ. ඉතින් එයාගේ තරහ නිවෙන තුරු මමත් එයා එක්ක කාර් එකේ රවුම් ගැහුවා. ඉන් පස්සෙ ආපහු අපි නතර වෙලා ඉන්න හෝටලයට එනවාත් එක්කම තමයි මාක්ගේ ටෙලිෆෝන් පණිවුඩ ලැබුණේ... ඒ ගමන්ම අපි මෙහෙට ආවා..."
ජින් හියුන් පැවසුවේ අවංකවම සතයක් බව ඔහු එය පැවසූ අයුරින්ම ජිමින්ට සිතිණ. ඒ නිසා සාදයෙන් නික්ම ආ නැම්ජුන් අශ්වයා සොරකම් කළේ යැයි යන සැකය ඔහු සිතින් බැහැර කළේය. එහෙත් මේ සිදුවීම් වලට ඔහු මොනයම් ආකාරයකින් හෝ සම්බන්ධ යැයි යන සැකය ඔහුගේ සිතින් නොගිලිහිණි.
" දැන් අපි තව ටිකක් අශ්වයා ගැන හොයලා බලමු. සමහර විට ශාලාවෙන් පිටතට අරන් ගිය අශ්වයා කලබලය අස්සේ පිට්ටනියෙන් එළියට අරගෙන යන්න ගියොත් අහුවෙන නිසා සත්තු ගෙනියන ටේලරයක පටවලා රථගාලේ හංගලා ඉන්නවාද දන්නේ නැහැනේ... එහෙම කරලා කලබලය අඩු වුණාට පස්සේ ගෙනියන්න පුළුවන්නෙ. ඒ නිසා අපි ඒ ගැන හොයා බලමු."
තේහියුන් සහ ජින් දෙස බලමින් ජිමින් යෝජනා කළේය.
තිදෙනාම එක්ව විදුලි පන්දම් තුනක් ගෙන රථ ගාල පුරා ඇවිදිමින් පරික්ෂා කර බලන්නට වුහ. කාර් කීපයක් හැරෙන්නට රථගාල තුළ තිබුණේ සතුන් ගෙන යන ටේලර් තුනක් පමණකි. එම තුනෙහිම දොරවල් විවෘතව තිබූ නිසා ඒවා පරික්ෂා කිරිමට කිසිදු අපහසුතාවක් නොවීය. එහෙත් ඒ එක් ටේලරයක් තුළවත් අශ්වයෙකු කෙසේ වෙතත් අශ්ව පැටියෙකුවත් නොවීය.
YOU ARE READING
අශ්ව ගොවිපොළහි අබිරහස (Jikook)
Fanficවාහනයට සම්බන්ධ ටේලරයේ පිටුපස දොර බාගෙට විවර වී තිබිණ. එය මදක් ඈත් මෑත් කළ ජිමින් ඇතුළට හිස පොවා බැලුවේය. එහි ඇතුළත අලුත් පිදුරු අතුරා තිබිණ. ජිමින් එම පිදුරු ගොඩ මදක් ඇවිස්සුවේය. එක් වරම දුටු දෙයින් ඔහුගේ උගුර කට වේලීලා ගත පුරා දහඩිය වැගිරෙන්නට විය...