10

132 18 0
                                    

සැප්තැම්බර් 18, 2024

" මාත් සමඟ ඔබත් කියන්න....
මේ සියල්ල වෙහෙසකරයි, මම මේ වේදනාවෙන් මිදෙනවා, මම සුවය ලබනවා...
රිසෝට් එකට යාබද වැව් තාවුල්ලෙ කුඹුක් ගසක් යට පන් පැදුර මත එරමිණියා ගොතාගෙන ඉන්න උපර්ණා සිය උපදේශකයව අනුගමනය කළා.

"මගෙන් උදව් පමණක් පතා එන සියලු දෙනා මම අත් හරිනවා... මම අත් හරිනවා... මම අත් හරිනවා..." ඇය එය පවසද්දී අනායාසයෙන් ම ලියාන් හිතට ආවා. " නැහැ අපි අපිව යූස් කළා විතරයි " මේ අතරතුරත් ඇය තමන්ටම කියාගන්නවා.

"සියල්ලම විද්‍යාවෙන් පාලනය කළ හැකියි මම එය කරනවා... මම එය කරනවා... මම එය කරනවා...."

"මේ නිද්‍රාව මා වෙත අලුත් උපතක් ලබා දෙනවා... මා එයට සූදානම්... සූදානම්... සූදානම්..."

උපර්ණාගෙ meditation instructor මියුරු හඬින් මේ වදන් ගායනා කරද්දි උපර්ණාත් ඔහුව අනුගමනය කළා. එක මොහොතකට හිත සංවර වුණත්, ආයෙ ආයෙත් මතකයට ආවේ ලියාන්.

ඔවුන් දැනුම් දුන්නේ නිද්‍රාවට පත්වන අවස්තාවේ කිසිම බාහිර පුද්ගලයෙක් තමන් සමඟ නොසිටිය යුතු බවයි. එහෙම ඉන්න අවශ්‍ය බව පැවසීමෙන් පෙන්නුම් කරන්නේ තවමත් බැඳීම් අවසාන නැති බවයි. ඒ නිසාම එවැනි ඉල්ලීම් නිසා තමන්ව මේ ක්‍රියවලියට තමන්ව නුසුදුස්සෙකු කරගන්න එපා කියලයි ඔවුන් දැනුම් දුන්නේ.

භාවනා සැසිය අවසානයේ උපර්ණාට අවස්තාව ලැබුණා hibernate කරන තමන්ගෙ සිරුර තැන්පත් කෙරෙන කුටීරය පරීක්ෂා කරන්න. එහි භාරකාරත්වය දැරුවේ වෛද්‍යවරයෙක් බව ඔවුන් ඉදිරිපත් කළ ලේඛණ වලින් දැක්වුණා. ඒ වගේම බීප් හඬ නංවන මැෂින් කීපයක් කුටීරය අවට සවි කර තිබුණා.

" ඔයාලා මීට කලින් hibernate කළ අය ඉන්නවද? මට එයාලව බලන්න පුලුවන් ද?"

" සොරි මිස්, එයාල සයින් කළ agreements නිසා අපිට ඔයාට එයලගෙ රූම්ස් වලට ඇක්සස් දෙන්න බැහැ"

" එහෙමද? , hibernation එක රිවර්ස් කළ අය නැද්ද?"

" ඉන්නවා, දැනට හය දෙනෙක්, ඒත් එයාලා කැමති නෑ එයාලගෙ පුද්ගලික තොරතුරු ඔයාලා වගේ අලුත් අයට කියන්න. එයාලගෙ ප්‍රයිවසු එක කැඩෙන නිසා."

✨️ උපර්ණා ✨️ [ Completed ]Where stories live. Discover now