Author's pov-
පන්ති කාමරයේ අන්තිම කොනේ හිටපු එක සිසුවෙක් වතුර බෝතලයක් උඩට කරලා තමන්ගෙ කල්ලියට පෙන්නුවේ ඉස්සරහින් වාඩි වෙලා ඩෙස් එකටම ඔලුව නවන් පොතක් කියව කියව ඉන්න එක කොල්ලෙක්වත් ඇස් වලින් ඉගි කරලා පෙන්නන ගමන්. එයාගෙ ගොදුර!
"උබ ඇත්තටම ගෙනාවද?"
"නැත්තම්!"
"සිරාවටම?"
"ඔව් යකො!"
යාලුවෝ අහන අහන දේට ඒ කෙනා කට කොනේ හිනාවක් දාන අතරෙම ආඩම්බරෙන් උත්තර දුන්නේ එයාගෙ කල්ලියම උද්වේගය පිරුන සද්ද දානකොට. ඒ කොල්ලා බෝතලයෙ පියන ඇරලා ටිකෙන් ටික ඉස්සරහා ඉදපු කොල්ලා ළගට කිට්ටු කලා. පන්තියෙ හිටපු හැමෝගෙම වගේ අවධානය තිබුනෙ එයා ළඟ එයාගෙ ගොදුර ඇරුනම. අනිත් අයගෙ සද්ද බද්ද ඒ කෙනාට ඇහුනෙ නෑ. එයාගෙ කන් වල රැදිලා තිබුන ඉයර්පෝන්ස් නිසා එයාට සිද්ධ වෙන්න යන දේ ගැන පුංචිමවත් ඉඟියක් ලැබුනෙත් නෑ.
මුලු පන්තියෙම ළමයි තමතමන්ගෙ වැඩ නවත්තලා වෙන්න යන දේට අවධානෙ දුන්නෙ ඒක එක්තරා විදිහක විනෝදජනක වැඩක් නිසා. හදිසියෙම තිබුන ගුරු රැස්වීම නිසා ළමයින්ට විනෝද වෙන්න ලැබිලා තිබුනෙ හොද අවස්ථාවක්.
නිල් පෑනකින්ම ඉරි අදින ගමන් පාඩම් කරකර ඉදපු #ජන්කුක්ගෙ ඔලුවට එක පාරම වතුර පාරක් වැටුනා. කොල්ලට වෙලාවක් තිබුනෙ නෑ ඒ වතුර ටික පොතට වැටෙන එක වලක්වගන්න. එයා උත්සාහ කරන්නත් කලින් මාලු ගද ගහන කුණු වතුර එයාගෙ කොණ්ඩෙ අතරින් බේරිලා පොතටත් වැටුනා. ඒත් එක්කම මුලු පන්තිය පුරාම හිනා හඩ දෝංකාර දුන්නා උනත් ඒ හඩ ජන්කුක්ට ඇහුනෙ නෑ.
ජන්කුක්ට අහන්න ඕනි උනේ නෑ ඒ හිනාව. කොල්ලා ඉයර්පෝන්ස් වල ප්ලේ වෙන සින්දුව නවත්තන්න උත්සාහ කලෙත් නෑ.
YOU ARE READING
OutCast || JJK fanfiction (Ongoing)
Fanfictionඔහුගේම කතාවේ වුවත් ඔහු කොන්වූ කළු චරිතයක්!