Author's pov-
"ඔයාලට දෙන්න තෑග්ගක් තියනවා..."
පන්තිභාර මිස්ටර් ජන්ග් ලොකු හිනාවක් එක්ක කියලා දානකොට ඉන්ටවල් එකට මිනිත්තු ගානක් නිසා සතුටින් උඩ පැන පැන හිටපු ළමයි ඔක්කොගෙම මූණු චොප්ප ගැහුනා. එයාලගේ ලෝභ සර් දෙන තෑගි හැමදාමත් ඒ තරම්ම හොද ඒවා. අනිත් එක ප්‍රතිඵල තවමත් නොලැබුන වාර අවසාන විභාගෙ මිස්ටර් ජන්ග් අත් දෙකෙන් බදාගෙන ඉන්න කාඩ්බෝඩ් බෑග් එක ළමයින්ට තෑගි ගැන පෙරළකුණු පෙන්නලා ඉවරයි.
කාඩ්බෝඩ් බෑග් එකක තිබුන කොල බන්ඩලෙ එලියට ගද්දි ඔක්කොගෙම හුස්ම පිටවෙන සද්ද හූස් හූස් ගගා පන්තියෙම දෝංකාර දුන්නා.
"හොදයි එහෙමනම්... පලවෙනි දේ මේ ගැන දෙමව්පියන්ට දැනටම දැනුම් දීලා ඉවරයි. ඒක හින්දා පේපර් එක ඉරලා දාන්න, හංගන්න එහෙම අමතර මහන්සියක් වැය කරන්නෙපා."
ආයෙමත් ලොකු හුස්මවල් එක්ක කුණු කුණු සද්ද පිටවුනෙ මිස්ටර් ජන්ග් කෝටුවෙන් මේසෙට රිදෙන්නම ගහලා පන්තිය නිශ්ශබ්ද කරද්දි.
"වෙලාව ගියොත් ඉන්ටවල් එකත් ගන්න වෙයි!...... හරි එහෙමනම්, මේ පාරත් තුන්වෙනි තැන ලී ජොන්සුක්ට. ලකුණු අසූ අටයි."
මිස්ටර් ජන්ග් හිනාව පුරවන් කියද්දි ජොන්සුක් නැගිටලා ඉස්සරහට ආවා. පන්තියම අත්පුඩි ගගහා සතුට පිරුන සද්ද දානකොට සෝයත් අත් රිදෙන තරම් සැරට අත්පුඩිය ගැහුවා. කෙල්ලගෙ කලින් ස්කෝලෙදි කෙල්ලත් පන්තියෙ තුන්වෙනි තැන අරගෙන තිබ්බා. හැබැයි කවදාවත් ඒ ඉරීසියාකාර ළමයි හදවතින්ම කෑගගහා අත්පුඩි ගැහුවෙ නෑ.
YOU ARE READING
OutCast || JJK fanfiction (Ongoing)
Fanfictionඔහුගේම කතාවේ වුවත් ඔහු කොන්වූ කළු චරිතයක්!