සිහින සිහිනම නොවන තැන් වල
හිතේ සොඳුරුම මුදු හැඟුම් වල
නොහිමි කවියක ඔටුනු පැළඳුව
කිරුළු වැළපෙයි නොලද සිහසුන
නෙතින් ගිළිහෙන කඳුළු බිඳුවක්
කොපුල සිපගෙන ගියත් අහිමිව
නුඹට මට වාගෙම කඳුළටද
හිමියි කොපුලත සිඹින අයිතිය
සිහින සිහිනම නොවන තැන් වල.....
***
"නෑ නෑ නෑ....මේක වෙන්න බෑ...අනේ මේක වෙන්න බෑ....අනෙ මගෙ දරුවා දෙයියනේ....අනේ මගේ පැටියා එයා ඉන්නවා...උඹලා බොරු කියන්නෙ.....උඹලා හදන්නෙ මාව පිස්සු වට්ටන්න.....අනේ යීබෝ කියන්නකෝ.....අනේ උඹ මට ආදරෙයිනේ...උඹ මාව රවට්ටන්නෑනෙ මුන් වගේ....අනේ මට කියපන් රත්තරන් මුන් මේ කියන දේවල් බොරු කියලා...මට කියපන් අපේ පැටියා තාම ජිවත් වෙනවා කියලා......"
එයා මගේ උරහිස් වලින් හොලව හොලව කෑගහන ගමන් අඬද්දි මන් හිටියේ ගල් පිලිමයක් ගානට....මට තාමත් විශ්වාස කරන්න බෑ....අපේ පැටියා....මාස නවයක් පරිස්සම් කරපු අපේ පණ....ගොඩක් බලාපොරොත්තු තියන් හිටියා දෙයියනේ....ගොඩක් හීන මැව්වා මන් අප්පච්චි කෙනෙක් වෙන්න.....මගේ මැණිකව අම්මා කෙනෙක් කරන්න.....ඒත් ඒ හැම හීනයක්ම දූවිල්ලක් වගේ පොලොවටම සමතල වෙලා ගිහින්....අපේ පුතූ ඉපදෙද්දිම මේ ලෝකෙ දාලා ගිහින්...මාස නවයක් ඇහැක් වගේ අපි දෙන්නාම පරිස්සම් කරපු අපේ මැණික අපේ මූණවත් නොබලා මේ ලෝකෙන් ගිහින්....
YOU ARE READING
The Moon belongs to The Sky - Completed
Fanfictionසිහින සිහිනම නොවන තැන් වල හිතේ සොඳුරුම මුදු හැඟුම් වල නොහිමි කවියක ඔටුනු පැළඳුව කිරුළු වැළපෙයි නොලද සිහසුන නෙතින් ගිළිහෙන කඳුළු බිඳුවක් කොපුල සිපගෙන ගියත් අහිමිව නුඹට මට වාගෙම කඳුළටද හිමියි කොපුලත සිඹින අයිතිය.....❤️💚 Cover Edit ©️ Kimseoki2006