02

1.9K 309 26
                                    

    වසර අටකට පෙර

මදක් පරණ නමුත් තවමත් දෝෂ රහිත වූ රතු පැහැති "සිසු සැරිය" බස් රථය වරකාපොල මධ්‍ය මහා විද්‍යාලය අසල නැවතුනේ යන්තමට හූ හඬක් නංවමිනි. බස් රථයේ පිටුපස අසුනේ හිඳ සිටි යුවිනු බස් රථයෙන් බැස සුපුරුදු සන්සුන් ගමනින් විදුහලේ උසස් පෙළ අංශය කරා පියනැගුවේය. යුවිනු කලා අංශයේ අධ්‍යාපනය ලැබීය. එබැවින් ඔහු කලා අංශයේ ගොඩනැගිල්ල වෙත ඇතුළු විය.

එහි සිටි බොහෝ සිසුන් ගොඩනැගිල්ලෙන් පිටතට කඩිමුඩියේ දිව යන අයුරු යුවිනුගේ නෙත ගැටිණි. යුවිනු සමග එකම පන්තියේ සිටින පිරිමි ළමයෙක් ද පිටතට යාමට පැමිණෙන අයුරු යුවිනු දුටුවේය.

"යුවිනුවා මෙහෙ වරෙන් සයන්ස් එකට! අන්න උඹේ මනමාලයා උදේම වලියක් දාගෙන"
පිරිමි ළමයා යුවිනු වෙත කෑ ගසමින් යුවිනු අසලින් දිව ගියේය.

"මනමාලයා" කවුරුන්ද යන වග වටහාගැනීමට යුවිනුට එක් නිමේෂයක් වත් ගත නොවුණි. ඔහු එසැණින් විද්‍යා අංශය වෙත දිව ගියේ තම පාසල් බෑගය ඉවත් කිරීමටවත් කාලය වැය නොකරමිනි.

විද්‍යා අංශ සහ කලා අංශ ගොඩනැගිලි එක ළඟ පිහිටි ඒවා විය. එබැවින් යුවිනුට විද්‍යා අංශයට යාමට ගත වූයේ මිනිත්තුවකටත් වඩා අඩු කාලයකි. විද්‍යා අංශයට ඇතුළු වූ ඔහු 12 D පන්ති කාමරය වෙතට දිව ගියේය.

පන්ති කාමරය වටා සිසුන් එක් රැස් ව සිටිනු දුටු යුවිනු සිසුන් අතරින් ඉදිරියට ගියේ ය.

පන්ති කාමරය ඉදිරියේ ගුරු මේසය අසල පිරිමි ළමුන් දෙදෙනෙකු ගහ මරාගන්නා අයුරු අනෙක් සිසුහු වටවී බලා සිටයහ. ගුරු මේසයේ එලා තිබුණු රතු සහ සුදු මිශ්‍ර මේස රෙද්ද මේසය මත යන්තමින් එල්ලී තිබුනි. එහි වූ කහ පැහැති මල් සහිත කුඩා ප්ලාස්ටික් මල් බඳුන බිම වැටී මල් සීසීකඩ විසිරී තිබෙනු දක්නට ලැබුණි.

එ් වන විට එක් සිසුවෙක් අනෙක් සිසුවාව බිම පෙරලගෙන ඔහුගේ මුහුණට නොනවත්වා පහර දෙමින් සිටියේය.

"තිසුර ඕක නවත්තන්න!" යුවිනු පහර දෙමින් සිටි පිරිමි ළමයා දෙස බලා කීවේය. එය ඔහුගේ කනට වැදුනු බවක් නම් නොපෙනින.

ලෝහිත Where stories live. Discover now