ඔන්න ඔහෙ ඕනි එකක් කියල උරහිස් පස්සට කරගෙන කොන්ද කෙළින් කරගෙන මම නම්ජුන් හියුන්ග් ළඟට ගියා...
🐰" හියුන්ග් මම කරන්නෙ වැරැද්දක්ද ? "
මෙතනට ඇවිල්ලත් විනාඩි පහ හයක් වෙනව වුණත් ජුනී හියුන්ග් මුකුත් කීවෙ නැති නිසා මම කතා කළා..
ඒකටත් එයා කළේ බිම බලාගෙන හිනා වෙන එක විතරයි...මට ඒකට උත්තරයක් ඕනිමයි.
" හිත නතර වෙන තැන නතර වෙනවම තමයි ජන්ග්කුක් ! ඒක තමයි මේ ලෝකෙ හැටි "
🐰" ඒත් හියුන්ග්...."
මම කියනවත් එක්කම නම්ජුන් හියුන්ග් මට ඇස් වලින් පෙන්නුවේ උඩ තට්ටුවේ බැල්කනි එක දිහා...යේෂියි ටේ හියුන්ග්නුයි හිනා වෙවී ලොකු කතාවක..ඒ දෙන්නගෙ ඇස් දෙකේ ආදරේ ඉස්සර වගේම පිරිලා. මමත් ඒ දිහා බලන් හිටියෙ ගොඩක් ආදරෙන්.
🐰" දේ !! ඔයා හරි හියුන්ග්...හිත් නතර වෙන්නෙ හිතා ගන්නවත් බැරි තැන්වල "
මගේ කතාවට නම්ජුන් හියුන්ග් මගෙ පිටට තට්ටුවක් දැම්මා ..අපි දෙන්නා නිදහසේ කතා කර කර ඉන්න අතරේ
" යාහ් !! මරනවා ...පුලුවන් නම් මරනවා මාව " 💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥
ගේ ඇතුළෙන් ඇහුණ සද්දෙට කලබල වුණ මායි නම්ජුන් හියුන්ග්නුයි දෙන්නම ගේ ඇතුළට දිව්වා..
" මොකද හියුන්ග් කෑ ගහන්නෙ ? "
ගිරිය කඩාගෙන කෑ ගහල තියෙන්නෙ වෙන කවුරුත් නෙවෙයි ගේම්ජින් !!
YOU ARE READING
DREAMY MELODY 🎶💕 ♡ JK ♡ [ Selenophile Pt : 2 ]
Fanfictionඅපි බය වෙන්න ඕනි අඩියෙන් අඩිය ඉස්සරහට යන්න නෙවෙයි , එකම තැන හිටගෙන ඉන්න ! Fan Fiction Only !! Hope you enjoy this !! ❤