06

47 15 10
                                    

Me-:"හෑඈඈඈඈ... ඒක හීනයක්... "

මම දන්නේ නෑ ඇයි එතැනට යන්න හිතුනේ කියලා.. අනික මම දන්නෙත් නෑ යන විදිය 🙄

.
.
.

මම ඇවිත් තියෙන්නේ අර girl ගේ ගෙදරටද කොහේද🙄 අර  Eunwoo කියපු කතාව හරිද මන්දා... ආවේශ වෙන අයගේ පුරුදු මටත් ඇවිත් වාගේ🙂
ගේට් එක ගාවට ආවාට පස්සේ තමා මට තේරුණේ ඒ girl කොච්චර සල්ලිකාරද කියලා... ගේට් එක තනිකරම ආරක්ෂක හමුදාවක්ම ඉන්නවා වාගේ... ඒත් මම සැලෙනවාද? හැකර් කෙනෙක් මම.😌

මගේ watch tab එක අරගෙන වැඩකැලි ටික දැම්මා

1
2
3

-:"Door open... බල්ලන්ගෙන් පරිස්සම් වෙන්න "

හෑ... බල්ලෝ.. 🙂
සද්ද නොකර යන්න ඕන... මම ඒම හිමීට ඇතුලට ඇවිත් main door එක පාස් කරන් යද්දී මට ඇහුනේ දෙන්නෙක් කතා කරන සද්දේ..  මට ඒක අදාල නැති වුණත් මට හිතුනේ ඒ කතාව අහන්නයි...

👩🏻‍🦳-:ලබන සතියෙ roseගේ birthday එක නේද හබී"

🧑🏻‍🦳-:"එයා අද ඉන්නවා නම් එයාට අවුරුදු විසිහයයි නේද??🥺අදටත් මම ඒ ගැන පසු තැවෙනවා... මගේ වැරදි හනී..."

Me-:"අනී... ඔම්මා අප්පා... ඒක ඔයාලාගේ වැරදි නෙමෙයි. හික්😢"

මම දන්නේ නෑ මට ඒම කියවුණේ ඇයි කියලා..  මම දන්නේ නෑ මට කදුලු එන්නේ ඇයි කියන එකත්... තවත් මට ඉන්න කියලා හිත කිව්වත් මම ආව වැඩේ කරලා යන්න ඕන..

ගෙදර පැත්තට වෙන්න වාගේ මම දැක්කා ටියුලිප් මල් පාත්තියක් තියෙනවා... මම ඒක පැත්තකින් එක දිගටම හාරද්දී සුදු පාට box එකක් හම්බ වුණා... මට ඒක බලන්න හිතුනත් හිත කිව්වේ ම බලන්න එපා කියන එකයි... මගේ හිත නම් වෙලාවට---😒😒

මම ඒක main door එකට කියලා බෙල් කරලා ලග තිබුණ ගහකට මුවා වුණා...

🧑🏻‍🦳-:"කවුද?? අහ්... box එකක්"

ඒ කෙනා ඒක අරන් දොර වැහුවාට පස්සේ මට යන්න ඕන වුණත් මට හිතුනා ඒකෙ මොනවාද තියෙන්නේ කියලා... ඒත් මෙතැන ඉන්නත් බෑ... බල්ලෙක් ඒම හැපුවොත්
හත්දෙයියනේ🙂

👩🏻‍🦳-:"මම කියවන්නම්... මේ.. මේ. අපේ රෝස්ගේ..."

ඒ එක්කම මට තේරෙන්නෙම නැතුව වචන වගයක් කියවෙන්න ගත්තා...

👩🏻‍🦳/ me-:"

ඔම්මා , අප්පා..
.
ඔයාලා මේක කියවන කොට මම මේ ලෝකේ නැතිවෙන්න පුලුවන්... මම ඔයාලාව වාගේම මගේ යාලුවා... අනී.. මට ගොඩාක් ආදරේ කරන jack වාගේම තව 350 දෙනෙක්ගේ ජිවිත බේරගත්තා... මම ඇත්තටම දන්නේ නෑ මෙකෙන් පස්සේ මොනවා වෙයිද කියලා...
පරණ පොත්වල තියෙනවා අපි මැරුණොත්
අපේ ආත්මය ආයෙ පින් කියන දේවල් මතින් ආයේ ඉපදෙනවා කියලා..  ඒක ඇත්ත කියන එක නම් මම විශ්වාස කරන්නේ නෑ... ඒත්
ඒම වුණොත් මට ඕන ඔයාලා ගාවින් ඉපදෙන්න... ඒ වාගේම  මට ආදරේ කරන jack එක්ක ඉතුරු ජිවිතේ ගත කරන්න , මගේ යාලුවො එක්ක සතුටින් ඉන්න...ප්‍රාර්තනා කරනව ....
ඒත් කවදාවත්ම මගෙන් ප්‍රයෝජන ගන්න
අය හම්බ වෙන්න එපා..
සමාවෙන්න ඔයාලාට කලින් මම මේ ලෝකේ දාලා ආව එකට...

මේ පෙට්ටියේ තියෙන්නේ couple rings හතරක්..
ඔයාලා දන්නවාද ගිය අවුරුද්දේ
තමා ජැක් එයාගේ හිතේ තියෙන දේ කිව්වේ

ඒකත් ඔය දෙන්නාගේ married anniversary එක දා... ඉතින්
මම හිතුවේ ඔය එක සෙට් එකක් ඔයාලා මේ අවුරුද්දේ anniversary එකදා දාන අතරේ මමයි
ජැක්යි අනිත් එක දානවා කියලා...
ඒත් ඒක කරන්න වෙන්නේ නෑ..
ඔම්මා හැමදාම අප්පා එක්ක ඉන්න..
එයාට ශක්තියක් වෙන්න
ඒ වාගේම අප්පා ඔම්මාව බලාගන්න...
හොදට කන්න.
හොදට නිදාගන්න...
මගේ අන්තිම ආසාව තමා ජැක්ට තියෙන ලියුම එක්ක ඒ couple ring set එකයි
මගේ හොදම යාලුව meow  ට එයාගේ ලියුමයි දෙන්න...

Sarange omma,  appa
Bogoshipda ( miss you) ♡"

අනේහ්...
මට ඇඩෙනවා... මට බැරියෝ අඩන්න😭

Wait
ඇයි මම අඩන්නේ??
හුවෑ😭

මම ආයෙත් අඩ අඩම ගෙදර ආවා..

ගෙදර එනකොට හිටියේ ටිකී විතරයි

🤖-:" ඇයි ඔයා අඩන්නේ??"

Me-:"මම දන්නේ නෑ... ටිකී😭 මට හිනා යනවා...🤣 ඒත් ආයේ ඇඩෙනවා😭 මේක ලෙඩක්වත්ද?"

🤖-:"පරික්ෂා කරමින්... කිසිදු රෝගී තත්ත්වයක් වාර්තා වුණේ නෑ..අධික තෙහෙට්ටු තත්ත්වය හා මානසික පීඩන තත්ත්වය හේතු විය හැකිය... විවේක ගන්න"

Me-:"mm.. good night tikie"

🤖-:"Good night "


මට දැන් පිස්සු🤯🥲

■■■■■■■■■■■■■■■■■■■■■■■■■■■■

මට දැන් පිස්සු🥲

Sarange vampi babys 🖤
Kim_min_ah 💜

Let's fight ghost 👻 [Complete]Where stories live. Discover now