*Wutai Mountain Project*
Meeting එක ඉවර වෙලා හැම කෙනෙක්ම Meeting Room එකෙන් එලියට ගියේ Jiyangට ආචාර කරලා... හැම කෙනෙක්ම එලියට යනකම් බලන් ඉදපු Jiyang ආපහු තිරය දිහා බැලුවේ අවුරුදු ගානක මහංසියකින් පස්සේ Wutai Mountain Project එක තමන්ගේ අතටම හම්බුනු එකට ආඩම්බර වෙන ගමන්...
"අද තාත්තා හිටියනම් ගොඩක් සතුටු වෙයි Jiyang...." හිත Jiyangට එහෙම කියද්දි ලාවට හිනාවුනු Jiyang මේසේ උඩ තිබුනු තමන්ගේ File ටිකත් අතට අරගෙන Meeting Room එකෙන් එලියට ආවා...
"Boss... ඔයානම් සුපිරිම වැඩ්ඩෙක් තමයි..."
"මේ Project එක Bossට නැතුව වෙන කාට හම්බවෙන්නද ඉතින්...."
"Boss තමයි මේකට සුදුසුම..."
"Compliments... මිනිස්සුන්ව අහංකාර කරවනවා... මිනිස්සුන්ව ආඩම්බරයෙන් උදුම්මෝනවා... කොටින්ම මිනිස්සුන්ව මුරුංගා අත්තේ තියනවා... ඒත් මට Compliments කියන්නේ නිකම්ම නිකම් පුහු වචන ටිකක් විතරයි... මොකද මම Song Jiyang... මෙතනට එනකම් මට හයියක් වෙන්න හිටියේ නැති එකෙක්ගෙන්වත් මට Compliments ඕන වෙන්නේ නෑ... මෙතනට එනකම් මගේ කකුලෙන් ඇදපු එකෙක්ගෙන්වත් මට Compliments ඕන වෙන්නේ නෑ... කොටින්ම කිසිම කෙනෙක්ගේ කටින් මට පුහු හිස් වචන අහන්න ඕනම නෑ..." කොතනකවත් නැවතුනේ නැති Jiyang දහසක් සුබපැතුම් මැදින් කෙලින් බලාගෙන තමන්ගේ Office Room එක ඇතුලට ආවා... කාටත් ඒක අරුමයක් උනේ නෑ... මොකද Jiyang කියන්නේ කොහොමත් කිසිම සුහදතාවයක් නැති සීතල පුද්ගලයෙක්...