*Wutai Mountain Project Ended*
"මාස හතක කාලයක් පුරාවට දිවා රෑ නොබලා නිදි මරාගෙන Wutai Project එක ඉවරකරන්න මට පුලුවන් උනා.... හුදකලා වුතායි කදු වැටිය ජනාවාසයක් බවට පරිවර්තනය කරන්න මට ගියේ බොහොම ටික කාලයයි... මට සෑහෙන්න සතුටුයි..." Jiyang උත්සවයේ ඉදිරියෙන්ම තිබුනු අසුනක ඉදගෙන ලොකු කල්පනාවක...
"මීලගට අප සූදානම්වන්නේ වසරේ හොදම හා සාර්තකම ව්‍යාපාරිකයාට හිමි සම්මානය පිරිනැමීමටයි... මම Mr.Dong Chuanට වේදිකාවට ආරාධනා කරනවා එම සම්මානය පිරිනැමීම සදහා..."
"වසරේ හොදම හා සාර්තකම ව්‍යාපාරිකයාට හිමි සම්මානය දිනාගනු ලබන්නේ... Song Construction හී හිමිකරු Song Ji Yang..."
"මොකක්...?" TV එක බල බල හිටපු Haoxuan ලගින් යන ගමන් නිකමට කන වැකුනු ඒ නම Wangට උන් හිටි තැන් අමතක කෙරෙව්වා...
"Song Jiyang...?"
"ඔව් තාත්තා ඒ මගේ Boss..."
"මොකක්..? ඔයාගේ Boss..."
"හ්ම් ඔව් ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද..?"
"න්.. නෑ... නෑ..."
Haoxuanට එහා පැත්තෙන් ඉදගන්න ගමන් Wang කිව්වා..."නෑ... එහෙම වෙන්න විදිහක් නෑ... මේ වෙන කෙනෙක් වෙන්න ඇති... මම ඌව මගේ අත් දෙකෙන්ම මරලා දැම්මනේ..." Wangගේ හිත කෑ ගහන්න පටන් ගත්තා....