Chapter 6

219 37 15
                                    


✨️𝐒𝐖𝐄𝐄𝐓 𝐑𝐎𝐌𝐀𝐍𝐂𝐄✨️





එකපාරට ලයිට්ස් ඔන් වෙන ගමන් හැමෝම එකසැරේ නම්ජුන්ට විශ් කරද්දි හැමදේම අමතක උන නම්ජූන් බලාගෙන හිටියෙ කේක් එකකුත් අතේ තියාගෙන නම්ජුන් ඉස්සර හිටපු කෙනා දිහා..

"හැපි බර්ත්ඩේ පැටියෝ..."

තරූ නම්ජුන් ලගට ඇවිත් නම්ජුන්ගෙ කම්මුලට සොෆ්ට් කිස් එකක් දෙන ගමන් කියද්දි නම්ජුන් තාමත් හිටියෙ එතනම ගල් වෙලා

"එන්න.."

තරූ කේක් එක ටේබල් එක උඩින් තියන ගමන් නම්ජුන්ට කිව්වෙ කේක් එක කපන්න කියලා.ඒත් නම්ජුන් වේගෙන් ඇවිත් තරූව බදාගත්තෙ තරූ කොහෙහරි යයි කියලා බයෙන් වගේ

"ජුනා..."

"මුකුත් කියන්න එපා. ඔයා නැතුව මන් ගොඩක් පාලුවෙන් හිටියෙ මගෙ මැණික..."

"සොරි පැටියෝ.. හරි හරි දැන් අයින් වෙන්න හැමෝම බලාගෙන ඉන්නෙ අපි දිහා"

තරූ කියනකොටයි නම්ජුන්ට ඒක මතක් උනේ. නම්ජුන් ඉක්මනට තරූ ලගින් අයින් උනෙ ලැජ්ජාවෙන්..

හැමෝම පාර්ටි එක ඉන්ජෝයි කරන්න ගත්තා. මාස තුනක් දකින් නැතුව ඉදලත් ටේට නම් නතී ගැන ගානක්වත් තිබුනෙ නෑ. කෙල්ල ඒක ගැන වැඩිය හිතන්න ගියෙත් නැත්තෙ ඒකෙන් වෙන්නෙ තමන්ගෙ හිත රිදෙන එක නිසා. රොශී කොච්චර මාෂා එක්ක කතා කරන්න ට්‍රයි කලත් මාෂා කලේ හැමවෙලේම රොශීව මගඇරපු එක. මේ අතෙරේ ජන්ග්කුක් ඇවිත් රොශී බෑ කියද්දි රොශීව ඇදගෙන ගියේ ඩාන්ස් කරන්න

මාෂා ජූස් එකකුත් බිබී ටේබල් එකකින් වාඩි උනේ ඩාන්ස් කරන අය දිහා බලාගෙන. මාෂාගෙ ඇස් ගැටුනේ ජන්ග්කුක්වයි රොශීවයි.. කොච්චර කාලයක් ගියත් ජන්ග්කුක්ව අමතක කරගන්න බැරි උන මාෂගෙ ඇස්වලට කදුලු පිරෙන්න ගියෙ පොඩි වෙලාවයි. මාෂා කදුලුත් පිහිද පිහිද නැගිටලා ගාර්ඩන් එකට දුවල ගියෙ වටේ පිටේ කවුරුවත් ගැන නොහිතා. දැන් ගොඩ වෙලාවක ඉදන් මාෂා දිහා බලාගෙන හිටපු යුන්ගිත් මාෂා එළියට යනවා දැකලා මාෂා පස්සෙන් දිව්වෙ කෙල්ල කොහෙද යන්නෙ බලන්න

දුවගෙන ඇවිත් කෙල්ල නතර උනේ පූල් එක ලග. අඩියෙන් අඩිය පූල් එක ලගට ගිය මාෂා එකපාරට පූල් එකට පැන්නෙ යුන්ගි කෑ ගහගෙන පූල් එක පැත්තට දුවනකොට. තප්පරයක්වත් නාස්ති නොකරපු යුන්ගි කෝට් එක ගලවලා පූල් එකට පැනලා මාෂව බේරගෙන ඇවිත් බිමින් හාන්සි කෙරෙව්වා. කෙල්ල පපුවත් අල්ලන් වාඩි උනේ කැස්සකුත් එක්ක

✨️𝐒𝐖𝐄𝐄𝐓 𝐑𝐎𝐌𝐀𝐍𝐂𝐄✨️[KTH] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now