EP05

146 32 9
                                    

Xiao Zhan එයාගේ ඔෆිස් එකෙන් එලියට ඇවිත් ආපහූ යන්න ලෑස්ති උනේ ලැබ් එකට.

යීබෝත් ආවේ එයාගේ පස්සෙන්.

"Xiao Zhan!!" යීබෝ එකපාරටම කතා කරේ එයාගේ ඉස්සරහින් යන ඩොක්ටර් අන්කල්ට.

Xiao zhan ඒත් එක්කම වගේ එකපාරටම නැවතුනේ කවුරුහරි එයාට කතා කරනවා වගේ ඇහුන නිසා.

ඊටපස්සේ එයා ආපහු හැරිලා බැලුවේ කවුද කතා කරේ කියලා බලන්න.

????????

ඒත් xiao zhanට කතා කරපූ කෙනෙක් හොයාගන්න පුලුවන් උනේ නෑ.

"මන් කතා කරේ! මෙහේ මෙහේ. මන් මෙතන!!"

යිබෝ එහෙම කියන ගමන් එයා ඉන්න තැන ඉදන්ම අත වැනුවේ xiao zhan දිහාට එන ගමන්ම.

ඒත් ඉතිම් මේ මනුස්සයාට ඒ හොල්මනව පේන මගුලක් නෑ.

ඒ නිසාම xiao zhan ආපහු හැරිලා ගියේ ලැබ් එකට.

ලැබ් එකට ගිහින් xiao zhan කලින් වගේම අන්වීක්ෂ slide එකකට යීබෝගේ අලුතෙන් ගත්ත ලේ ටිකක් දාලා බැලුවේ ඒ ලේ සාම්පල් එකේ මොකක් හරී අමුත්තක් තියෙයිද කියලා බලන්න.

ඒ slide එක අන්වීක්ෂ වේදිකාවෙන් තියලා බලපූ පලවෙනී පාර කිසිම අවුලක් පේන්න තිබ්බේ නෑ.

ඒ නිසා xiao zhanට ඊටවඩා මේක ප්‍රශ්නයක්!!

ඒ පාර ඒකේ මොකුත් වෙන්නේ නැත්තේ ඇයී??

Xiao zhan මේ experiment එක කරන වෙලාවේ xiao zhan මේ මොනාද මෙච්චර කරන්නේ කියලා බලන් යීබෝ හිටියේ පැත්තකට වෙලා එයා දිහා බලාගෙන.

???????? මටනම් තේරෙන්නෑ මොනා වෙනවද කියලා.

Xiao zhan කීප වතාවක්ම මේ වගේ අන්වීක්ෂයෙන් යීබෝගේ ලේ සාම්පල් එක දිහා බැලුවා.

ඒ බලපූ හැමපාරම වගේ ඒ ලේ සාම්පල් එක xiao zhan කන්ෆියුස් උන්ගා බුන්ගා කරා.

මොකද ඒක තනිකර පිස්සූ ලේ සාම්පල් එකක්!!

"......"

එක වෙලාවකට ලේ සහයෝගයෙන් හොදට මිශ්‍ර වෙලා තියෙනවා.

සමහරක් වෙලාවකට හෙනම කාල ගෝට්ටියක්!! හරියට ලේ එයාලා එයාලා එක්කම ගහගන්නවා වගේ.

සමහරක් වෙලාවට එක කොටසක් හොදට තියෙනවා. තවත් කොටසක් රණ්ඩූ!!!

What the hell??

GHOST'S DOCTOR : The One Who Is My DoctorWhere stories live. Discover now