#මහින්ස
" ස..යු..ල් !!! "
තරප්පු පේලිය බහින ගමන් උන්නු මහින්සගේ දෙපා උන් තැනම නතර විය..
ඒ හඬට ඔහු ගැස්සුනේ නැ කිවෝත් පුදුමයක්.." තා ත් තා ? "
" තමුන් කොහෙද යන්න හදන්නේ ??? "
" ටිකක් එළියට යන්න කියලා තාත්තා "
" මොනවට ද ! ? "
ඒ හඩේ තිබුණේ තනිකර අණසක බවක්..
මහින්සගේ හිත කලබලයි.. ඔහු මේ යන්න හැදුවේ කේශ්වරව බලන්න .
සති දෙකකිනුයි ඔහු දකින්නේ ...
හිත ඉල්ලන ඒ රූපේ දකින තුරු මහින්සට ඉවසිල්ලක් නෑ.." විශේෂ මො..කුත් නෑ තා..ත්තා "
වදන් පැටලු නමුත් මහින්ස පිළිතුරු බැන්දා...
මහින්සට බයයි තම කලබල හිත පියා අදුනගනී කියා," තමුන් යන්න හදන්නේ අර මේජර්කාරයාගේ ගෙදරද ආ ?? "
" ත්..තා ත් තා "
හිතාගන්න බැ පියා කේසේද ඒ බව දන්නේ කියා,
ඔහු නිහඬයි,
ඒ නිහඬ බව ඔහුගේ පියාට පිළිතුරක් ..." තමුන්ට ඌ එක්ක තියන ගණුදෙනුව මොකක්ද ආ ?? ,
සයුල් මං තමුන්ට මේ කියන අන්තිම පාර , තමුන් ආයිම කලින් වගේ නාඩගමක් නටන්න හැදුවොත් මං ලේසියෙන් අතාරින්නේ නැ.."" තාත්තා මොනවද මේ කියන්නේ ??? "
" තමුන්ගේ හිතේ තියන විදිහට කිසිම දෙයක් වෙන්නේ නෑ කියලයි මං කියන්න හදන්නේ "
" තාත්තා !!... ඔයා හිතන් ඉන්නේ මං ඔයාගේ සෙල්ලම් බඩුවක් කියලද..
ඔයා කියපු නිසා මං චැනල් එකෙන් අයින් වුනා, ඔයාගේ බිස්නස් වලට ජොයින් වුණා....
තවත් මොනවද තාත්තා ඔයා මගෙන් බලාපොරොත්තු වෙන්නේ "" තමුන්ගේ වෙඩින් එක ලගදිම කෙරෙනවා, ඒකට ලැස්ති වෙනවා ! "
" ම්..මට දැම්ම මැරි කරන්න බැ....
ඒක නිසා මට කරදර කරන්න එපා තාත්තා "" මොකක්ද උ|ඹ කිවේ සයුල් ! "
"ඇහුණ දේ තමා "