වස්සාන සුළඟ 11

292 50 16
                                    

වස්සාන සුළඟ

11වන සුළං රැල්ළ

අයියලා ගිහින් දින සති යන අතරේ මතීශ අයියගෙයි මගෙයි ආදරේ කෝල් එක්කට මැසේජ් එක්කටම සීමාවෙලා ගියා.ඒත් අයියට ඉඩක් තිබ්බ හැම වෙලාවකම විනාඩි දෙකක් තුනකට හරි කතා කරලා මංගැන හොයලා බැලුවා.වෙලාවකට කතා කරලා වචන දෙකක් තුනක් කතා කරලා කියනවා වැඩ අස්සෙ ගත්තෙ චූටිගෙ කටහඬ අහන්න කියලා.ඒක පොඩි දෙයක් වුනත් මට ඒ හැම දේකින්ම දැනුනෙ අයියගෙ ආදරේම විතරයි..වෙලාවකට අනාගතේ ගැන බය හිතුණා.යටි හිත කිව්වා අනිත් අය වගේම අයියත් වෙනස් වෙයිද කියලා.මේවා මතක විතරක්ම වේවිද කියලා.ඒත් ඒ දේවල් අනාගතේටම භාරදීලා මං මගෙ වර්තමානෙ ජීවත් වුණා.

" හෙලෝ අයියේ "

" චූටි මොකද කරන්නෙ "

" තේ බිව්වා.අයියා මොකද කරන්නෙ "

" දැන් ලෙක්චර්ස් එක ඉවර වුනෙ.බෝඩිමට යන්න හදන්නෙ.."

"පරිස්සමට ඒනම් "

" හරි හරි.මේ ඒකනෙවෙ මං ගත්තෙ අනිද්දා කැම්පස් එකේ වලේ නව නට්‍ය තියේ.එන්න එදාට මෙහෙ.දෙන්නා එක්ක යමු බලන්න "

" අහ් ශෝක්නෙ.මං අම්මට කියන්නම්.නෙක්ස්ට් වීක් වගේ රිසාට්සුත් එයි නේහ් "

" ඔව් එතකොට ඔයත් මෙහෙනෙ.එතකොට ඔයා මගෙ බෝඩිමටම එන්න..."

" හෙහ් 😏 ආසයි නේහ් "

" නැතුව ඉතිම්.මගෙ කොල්ලා එක්ක ඉන්න මං ආස නැතැයි "

" හරි හරි.මං නෑ කීවද ඉතිම් "

" මං ගිහින් කෝල් කරන්නම් සුදූ.ඔයා අනිවාරෙන් එන්න හරිද."

" හරි අයියේ පරිස්සමට යන්න.බුදු සරණයි "

" බුදු සරණයි මැණික "

අයියා දුරින් උන්නත් මගෙ ලඟම වගේ දැනුනෙ.එයා කොච්චර දුර උනත් මගෙ හදවතටනම් එයා බොහොම කිට්ටුවග අවිවාදයකින් යුතුවම කිව යුතුයි.දෙන්නෙක් ආදරේ කරද්දි හිත් යාවෙන අපූරුව හරි පුදුමයි.කොච්චර ද කියනවනම් හිතේ අස්සක් මුල්ලක් නෑරම ඒ ආදරෙන් පිරිලා යනවා.ඒත් හැම දෙයක්ම තාවකාලිකයි වගේම අවිනිශ්චිතයි කියලනම් අපි දැන ගන්න ඕනි.අද පණ වුනත් දෙන්න හදන මිනිස්සු හෙට නන්නාදුනන මිනිස්සු වගේ මගතොට හමුවෙන්න පුලුවන්.ඉතින් හැමදේකටම සීමාවක් තියාගන්න ඕනි.ෆැන්ටසි ලෝකවලට වඩා ඇත්ත ජීවිතේනම් ගොඩක් වෙනස් කියලා ඔයාලා අපි හැමෝම තේරුම් ගන්න ඕනි.(ඉතින් කතා කතා පමණක්ම කරගෙන ගන්න තියෙන ආදර්ශ තියේනම් ජීවිතේට එකතු කරගන්න.ෆැන්ටසි ලව් ස්ටෝරීස් වල වගේ ලවර් කෙනෙක් ලැබෙයි කියලනම් කවදාවත් බලාපොරොත්තු වෙන්න එපා)

වස්සාන සුළඟ 🌧️🌩️☔ ( Completed )Where stories live. Discover now